Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම වෙනුවෙන් ඕස්ටේ්‍රලියාවේදී කළ සාර්ථක පිතිහරඹය තමන්ගේ ක්‍රීඩා සමාජය වෙනුවෙන්ද දීර්ඝ කළ පවන් රත්නායක (63) සහ සොනාල් දිනූෂ (නොදැවී 83) ඇතුළු ක්‍රීඩකයෝ ලකුණු 300 කඩඉමෙන් ඔබ්බට සී.සී.සී. පිල කැඳවාගෙන ගියහ. ද්‍රවිඩ සංගම් ක්‍රීඩකයන් ජයටැඹ සොයා යමින් සිටි මොහොතක ඊට හරස් වූ කමිඳු මෙන්ඩිස්, ලකුණු 43 කට කඩුලු 4 ක් දවාගත්තේ කොළඹ සී.සී.සී. පිටියේදී අද (27 වැනිදා) පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේදි ලකුණු 68 ක ජයක් කරා සී,සී.සී. කණ්ඩායම කැඳවාගෙන යමිනි.
කමිඳු මෙන්ඩිස්ගේ පන්දු යැවීම මගින් ඇතිකරන ලද පීඩනය හමුවේ ද්‍රවිඩ සංගම් පිලේ අවසන් කඩුලු 8 ම ලකුණු 90 ක් ඇතුළත බිඳ වැටිණ.
ලකුණු 310 ක අසීරු ඉලක්කයක් කරා යාමේදී ඊට කදිම තල්ලුවක් දුන් සිතාර හපුහින්න (76) සහ ශාරුජන් ශන්මුගනාදන් (56) තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 117 ක සම්බන්ධතාවක් ගොඩනැංවූහ. ඒ වෙනුවෙන් ඕවර 19.2 ක් පමණක් වැයකළ සිතාර සහ ශාරුජන් දෙදෙනා, ඉලක්කය කරා යාමට අවශ්‍ය වේගය වූ ඕවරයකදී ලකුණු 6.00 කට වැඩි වේගයක් තමන්ගේ සම්බන්ධතාව තුළ රඳවා ගත්හ. එහෙත් චමිඳු විජේසිංහගේ පන්දුවක් හමුවේ හපුහින්න දැවී යාමෙන් පසුව තත්ත්වය සැණෙකින් වෙනස් විය.
ශාරුජන් ශන්මුගනාදන් දවාගන්නා කමිඳු මෙන්ඩිස්, සිය ඕවර 10 ම ලකුණු 43 කට සීමාකරමින් ද්‍රවිඩ සංගම් පිලේ ගමනට හරස් කැපුවේය. ඕවර 41.1 ක් නිමාවේදී ද්‍රවිඩ සංගම් උත්සාහය අවසන් විය.
කාසියේ වාසිය දිනාගත් ද්‍රවිඩ සංගම් පිල පළමුවෙන් පන්දු යැවීම තෝරාගත් අතර එහි සාර්ථක ප්‍රතිඵල නෙළගත් ඔව්හු ලසිත් කෲස්පුල්ලේ සහ ධනංජය ද සිල්වා දෙදෙනාම ලකුණු 36 ක් ඇතුළත ආපසු ක්‍රීඩාගාරයට යැවූහ. 20 වැනි ඕවරයේදී කමිඳු මෙන්ඩිස් ද දැවී යන විටත් සී.සී.සී. ලකුණු පුවරුවේ සටහන් වූවේ කඩුලු 4 කට 99 ක් ලෙසිනි.
එතැනින් එක්වූ පවන් රත්නායක සහ සොනාල් දිනූෂ දෙදෙනා, 5 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 86 ක සම්බන්ධතාවක් ගොඩනඟමින් සී.සී.සී. පිල වැටී සිටි තැනින් ඔසවන්නට වූහ. 50 වැනි ඕවරය නිමාවේදී සොනාල් දිනූෂ සහ නිශාන් පීරිස් ආපසු ක්‍රීඩාගාරයට එන විට සී.සී.සී. පිල කඩුලු 7 කට ලකුණු 309 ක් ලබා සිටියේය.
පන්දු 75 කට මුහුණ දෙමින් පවන් රත්නායක ලබාගත් ලකුණු 63 ට හතරේ පහර 6 ක් සහ හයේ පහර 2 ක් ඇතුළත් වී තිබිණ. රත්නායක දැවී යාමෙන් පසුව පසුපෙළ පිතිකරුවන් හා එක්වූ සොනාල් දිනූෂ, ඉනිම අවසන් වන තුරුම පිටියේ රැඳී සිටියේ පන්දු යවන්නන්ට රිසිසේ පහරදීමට අනෙක් අන්තයේ පිතිකරුවන්ට අවස්ථාව දෙමිනි.
පන්දු 71 කට මුහුණ දුන් සොනාල් දිනූෂගේ ලකුණු 83 හතරේ පහර 4 කින් සහ හයේ පහර 2 කින් සමන්විත විය.
ක්‍රීඩා සමාජ කණ්ඩායමක් වුවද, සී.සී.සී. පිලේ තිදෙනකු හැරෙන්නට අනෙක් ක්‍රීඩකයන් 8 දෙනාම ශ්‍රී ලංකා වර්ණ දිනූ ක්‍රීඩකයෝ වෙති.
ද්‍රවිඩ සංගම් පිලේ දකුණත් පා දඟ පන්දු යවන්නා වන විජයකාන්ත් වියස්කාන්ත් ලකුණු 52 ට කඩුලු 4 ක් දවාගත්තේය.
සී.සී.සී. - ඕවර 50 කදී කඩුලු 7 ට 309 යි
(නිශාන් මධුෂ්ක 36, ධනංජය ද සිල්වා 14, කමිඳු මෙන්ඩිස් 26, පවන් රත්නායක 63, සොනාල් දිනූෂ නොදැවී 83, සහන් කෝසල 48, නිශාන් පීරිස් නොදැවී 14, ළහිරු සමරකෝන් 46/2, විජයකාන්ත් වියස්කාන්ත් 52/4)
ද්‍රවිඩ සංගමය - ඕවර 41.1 කදී සියලු දෙනා දැවී 241 යි
(සිතාර හපුහින්න 76, සිනෙත් ජයවර්ධන 19, ශාරුජන් ශන්මුගනාදන් 56, විහස් තෙව්මික 15, භානුක රාජපක්‍ෂ 31, විජයකාන්ත් වියස්කාන්ත් 14, තරිඳු රත්නායක 12, නුවන් තුෂාර 41/2, විශ්ව ප්‍රනාන්දු 40/2, කමිඳු මෙන්ඩිස් 43/4)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.