Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පන්දුව පළුදු කළාට ඩුප්ලෙසිට දඩ

පන්දුව පළුදු කළාට ඩුප්ලෙසිට දඩ

සංජය එරමුදුගොඩ - 2013 ඔක් මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු අප‍්‍රිකාව සහ පාකිස්තානය අතර ඩුබායිහිදී පැවැති දෙවැනි ටෙස්ට් ක‍්‍රිකට් තරගයේදී දකුණු අප‍්‍රිකානු කී‍්‍රඩක ෆෆ් ඩූ ප්ලෙසි පන්දුව පළුඳු කිරීමේ චෝදනාවට වරදකරුවීම නිසා ඔහුගේ තරග මුදලින් 50% දඩයකට යටත් කරන ලදි.

තරගයේ තෙවැනි දිනය වූ පසුගිය සිකුරාදා ෆෆ් ඩූ ප්ලෙසි, සිය කලිසම් සාක්කුවේ තිබූ කිසියම් දම්වැලක පිරිමදිමින් පන්දුව පළුඳු කරන ආකාරය රූපවාහිනී දර්ශනවලින් සනාථ කරගෙන තිබේ. ඊට දඬුවම් වශයෙන් තරගයේ විනිසුරුවන් වූ ඉයන් ගෝල්ඞ් සහ රොඞ් ටකර් යන මහත්වරු දකුණු අප‍්‍රිකානු පිලේ ලකුණු 5 ක් අඩු කර පන්දුව මාරු කිරීමට පියවර ගත්හ.

මෙම තරගයේදී තරග තීරක ලෙස කටයුතු කළ හිටපු  ඕස්ටේ‍්‍රලියානු නායකයකු වන ඬේවිඞ් බූන් මහතා පැවසුවේ මෙම චෝදනාව පිළිබදව වාද කිරීමට ප්ලෙසී ඉදිරිපත් නොවූ බවත් ඒ අනුව වරදකරු කරමින් දඩුවම් පනවූ බවයි.

මෙම තරගයෙන් දකුණු අප‍්‍රිකානු පිල ඉනිමකින් සහ ලකුණු 92 කින් ජය ලැබූ අතර තරගාවලිය 1-1 ක් ලෙස සම තත්ත්වයෙන් අවසන් විය.   

 

- 048

 


අදහස් (0)

පන්දුව පළුදු කළාට ඩුප්ලෙසිට දඩ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.