Last Update  :  2025-06-28 14:43:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පන්දු යවන්නෝ නුගේගොඩ පිල දිනවති

පන්දු යවන්නෝ නුගේගොඩ පිල දිනවති

editorial - 2025 ජුනි මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රධානතම අන්තර් සමාජ සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටය යටතේ අද (27 වැනිදා) කොළඹ බී.ආර්.සී. ක්‍රීඩාංගණයේදී පැවැති තරගයකදී බී.ආර්.සී. ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 23 ක ජයක් වාර්තා කිරීමට නුගේගොඩ ක්‍රීඩා සමාජය සමත් විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 234 ක ඉලක්කයක් හඹාගිය බී.ආර්.සී. ක්‍රීඩකයන්ට ඕවර 45 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 210 ක් පමණි. දක්ෂ පිතිහරඹයක නිරත වූ මොවින් සුබසිංහ පන්දු 44 කදී හයේ පහර 6 ක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 59 ක් රැස්කළද, ඔහුට සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට නොහැකි විය.
 
දක්ෂ පන්දු යැවීම්හි නිතර වූ කවික දිල්ෂාන්, අබ්දුල් හකීම් සහ තිලකරත්න සම්පත් කඩුලු 2 බැගින් දවාගැනීමට සමත් වූ අතර බී.ආර්.සී. කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කිරීම සඳහා ඔවුන්ට අනගි සහායක් දුන් සඳුන් මෙන්ඩිස්, ඩිල්ෂාන් අබේරත්න සහ සුවත් මෙන්ඩිස් එක් කඩුල්ල බැගින් බිඳහෙළුෑහ. 

පළමුවෙන් පන්දුවට පහරදුන් නුගේගොඩ කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 233 ක් ලබාගත් අතර නුගේගොඩ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ සඳුන් මෙන්ඩිස් පන්දු 46 කින් ලකුණු 44 ක් රැස්කළේ හයේ පහර 3 ක් සහ හතරේ පහරක් සමගිනි. පැතුම් කුමාර පන්දු 54 කදී හතරේ පහර 2 ක් සමග ලකුණු 43 ක් රැස්කළේය. 


නුගේගොඩ පිල - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 233 
(පුලිඳු පෙරේරා 19, තිලකරත්න සම්පත් 35, පැතුම් කුමාර 43, කෙවින් පෙරේරා 35, සඳුන් මෙන්ඩිස් 44, මොවින් සුබසිංහ 40/3, මොහොමඩ් ශිරාස් 45/3, ශෂික දුල්ෂාන් 39/2) 

බී.ආර්.සී. පිල - ඕවර 45 කදී සියලු දෙනා දැවී 210 
(කුසල් විජේතුංග 20, රිසිර වීරසූරිය 40, මොවිඳු සුබසිංහ 59, මොහොමඩ් ශිරාස් 17, චමීර දිසානායක 19, කවික දිල්ෂාන් 34/2, අබ්දුල් හකීම් 34/2, තිලකරත්න සම්පත් 37/2) 


අදහස් (0)

පන්දු යවන්නෝ නුගේගොඩ පිල දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.