Last Update  :  2025-12-24 19:20:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පන්දු යවන්නෝ ටීජේ ලංකා පිලට ජය ගෙනෙති

පන්දු යවන්නෝ ටීජේ ලංකා පිලට ජය ගෙනෙති

Nisanka Sandeepani - 2017 සැප් මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වෙළඳ සේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ කොටසේ තරගයකදී ඩිමෝ ලංකා ‘ඒ’ කණ්ඩායමට එරෙහිව කඩුලු 7 ක ජයක් අත්කර ගැනීමට ටීජේ ලංකා පිල ඊයේ (21 වැනිදා) සමත්විය.

මෙම තරගය කටුනායක නිදහස් වෙළඳ කළාපීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

සචිත්‍ර සේනානායක ලකුණු 10 කට කඩුලු 4 ක් සහ ජෙෆ්රී වැන්ඩර්සේ ලකුණු 25 කට කඩුලු 3 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

ඩිමෝ ලංකා - ඕවර 24.4 කදී සියලුදෙනා දැවී ලකුණු 78
(ප්‍රමුද් හෙට්ටිවත්ත නොදැවී 24, රමේෂ් මෙන්ඩිස් 21, සචිත්‍ර සේනානායක 10/4, ජෙෆ්රී වැන්ඩර්සේ 25/3, ලසිත් මාලිංග 10/2)

ටීජේ ලංකා - ඕවර 14.4 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 79
(චරිත් අසලංක 31, නිසල තාරක 43/2)


අදහස් (0)

පන්දු යවන්නෝ ටීජේ ලංකා පිලට ජය ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.