Last Update  :  2024-04-28 19:21:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පන්දු යවන්නෝ ඕස්ට්‍රේලියාවේ ජය ඉක්මන් කරති

පන්දු යවන්නෝ ඕස්ට්‍රේලියාවේ ජය ඉක්මන් කරති

editorial - 2024 පෙබ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර ඕක්ලන්ඞ්හිදී පැවැති දෙවැනි විස්සයි-20 ජාත්‍යන්තර තරගයෙන් ලකුණු 72 ක ජයක් වාර්තා කිරීමට ඕස්ට්‍රේලියාව අද (23 වැනිදා) සමත් විය. මෙම ජයත් සමග දෙරට තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබියදී 2-0 ක් ලෙස ජය ගැනීමටද ඕස්ට්‍රේලියාවට හැකි විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 175 ක ඉලක්කයක් හඹාගිය නවසීලන්තයට ඕවර 17 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 102 ක් පමණි. දක්ෂ පන්දු යැවීමක නිරත වූ ඇඩම් සම්පා ලකුණු 34 කට කඩුලු 4 ක් දවාගනිමින් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කළේය. 

පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්ටේ්‍රලියාව ඕවර 19.5 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 174 ක් ලබාගත් අතර ඕස්ට්‍රේලියානු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ආරම්භක පිතිකරු ට්‍රැවීස් හෙඞ් පන්දු 22 කින් වේගවත් ලකුණු 45 ක් රැස්කළේ හයේ පහර 5 ක් සහ හතරේ පහර 2 ක් සමගිනි.  

නායක මිචෙල් මාෂ් පන්දු 21 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමග ලකුණු 26 ක්ද, පැට් කමින්ස් පන්දු 22 කදී හතරේ පහර 5 ක් සමග ලකුණු 28 ක්ද රැස්කරමින් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ. 


ඕස්ට්‍රේලියාව - ඕවර 19.5 සියලු දෙනා දැවී 174 
(ට්‍රැවීස් හෙඞ් 45, මිචෙල් මාෂ් 26, ටිම් ඬේවිඞ් 17, පැට් කමින්ස් 28, ලොකී ෆර්ගසන් 12/4, බෙන් සියර්ස් 29/2, මිචෙල් සෑන්ට්නර් 35/2, ඇඩම් මිල්න් 40/2) 

නවසීලන්තය - ඕවර 17 කදී සියලු දෙනා දැවී 102 
(ග්ලේන් පිලිප්ස් 42, ටේ‍රන්ට් බෝල්ට් 16, ඇඩම් සම්පා 34/4) 

-036 


අදහස් (0)

පන්දු යවන්නෝ ඕස්ට්‍රේලියාවේ ජය ඉක්මන් කරති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.