Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පන්දු යවන්නන්ගේ කැපී පෙනෙන දස්කම් හමුවේ සංචාරක පාකිස්තාන කණ්ඩායමට එරෙහිව කාඩිෆ්හි සොෆියා උද්‍යාන ක්‍රීඩාංගණයේදී පැවැති පළමු එක්දින ජාත්‍යන්තර තරගයෙන් කඩුලු 9 ක පහසු ජයක් අත්කර ගැනීමට සත්කාරක එංගලන්තය ඊයේ (8 වැනිදා) සමත් විය. මෙම ජයත් සමග තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමටද එංගලන්තයට හැකි විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 142 ක ඉලක්කයක් හඹාගිය එංගලන්ත කණ්ඩායම ඕවර 21.5 ක් අවසානයේ කඩුල්ලක් දැවී එම ඉලක්කය පසුකර ගියේය. ඩේවිඩ් මැලන් (නොදැවී 68) සහ සැක් ක්‍රොව්ලි (නොදැවි 58) එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 106 කදී ලකුණු 120 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනගමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළහ.
පන්දු 69 කදී ලබාගත් මැලන්ගේ දෙවැනි එක්දින අර්ධ ශතකය හතරේ පහර 8 කින් සමන්විත වූ අතර පන්දු 50 කදී ලබාගත් ක්‍රොව්ලිගේ මංගල එක්දින අර්ධ ශතකයට හතරේ පහර 7 ක් ඇතුළත් විය. එංගලන්ත ඉනිමේ බිඳවැටුණ එකම කඩුල්ල බවට පත්වෙමින් පිලිප් සෝල්ට් දැවී ගියේ ශහීන් අෆ්රිඩිගේ පන්දුවක් හමුවේ සොහේබ් මක්සූද් අතට උඩ පන්දුවක් දෙමිනි.
පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම ඕවර 35.2 ක් අවසානයේ ලකුණු 141 කට සීමා කිරීමට සකීබ් මහමුද් ප්‍රමුඛ එංගලන්ත පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී ආරම්භක පිතිකරු ෆකාර් සමාන් හතරේ පහර 6 ක් සමග පන්දු 67 කින් ලකුණු 47 ක් රැස්කරමින් පාකිස්තාන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් විය.
එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ මහමුද්, නිලකුණු ඕවරයක් සමග සිය ඕවර 10 ලකුණූ 42 කට සිමා කරමින් කඩුලු 4 ක් බිඳහෙළුවේ තරගයේ වීරයා බවටද පත්වෙමිනි. පාකිස්තාන කණ්ඩායම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම සඳහා මහමුද්ට අනගි සහායක් දුන් ක්‍රෙග් ඕවර්ටන් සහ මැතිව් පාකින්සන් කඩුලු 2 බැගින් දවාගත්හ.
පාකිස්තානය - ඕවර 35.2 කදී සියලු දෙනා දැවී 141
(ෆකාර් සමාන් 47, සොහේබ් මක්සූද් 19, ශදාබ් ඛාන් 30, සකීබ් මහමුද් 42/4, ක්‍රෙග් ඔවර්ටන් 23/2, මැතිව් පාකින්සන් 28/2)
එංගලන්තය - ඕවර 21.5 කදී කඩුල්ලක් දැවී 142
(ඩේවිඩ් මැලන් නොදැවී 68, සැක් ක්‍රොව්ලි නොදැවී 58)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.