Last Update  :  2024-04-26 16:17:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket නෙදර්ලන්තය 2-1 කින් අයර්ලන්තය පරදවයි

නෙදර්ලන්තය 2-1 කින් අයර්ලන්තය පරදවයි

editorial - 2021 ජුනි මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


අයර්ලන්තයට එරෙහිව යූට්රෙක්ට්හිදී අද (7 වැනිද‍ා) පැවැති තෙවැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා කළ නෙදර්ලන්තය, දෙරට අතර පැවැති තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 2-1 ක් ලෙස ජය ගැනීමට සමත් විය. නෙදර්ලන්ත කණ්ඩායමක් අයර්ලන්තයට එරෙහිව තරගාවලි ජයක් ලැබූ පළමු අවස්ථාව ලෙසද මෙය සටහන් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 164 ක ඉලක්කයක් හඹාගිය නෙදර්ලන්ත ක්‍රීඩකයෝ ඕවර 45.5 ක් අවසානයේ කඩුලු 6 ක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. පන්දු 111 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 6 ක් සමග ලකුණු 74 ක් රැස්කළ ස්ටීවන් මයිබර්ග් නෙදර්ලන්ත කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක් දමමින් තරගයේ වීරයා බවට පත් විය.
 
මැක්ස් ඔඩෝව්ඩ් (36) සමග එක්ව නෙදර්ලන්ත කණ්ඩායමේ ආරම්භක කඩුල්ල වෙනුවෙන් පන්දු 86 කදී ලකුණු 66 ක සම්බන්ධතාවක් ගොඩැගීනමටද මයිබර්ග් සමත් විය. මයිබර්ග්ගේ කඩුල්ලද සමගින් අයර්ලන්තය වෙනුවෙන් ලකුණු 29 කට කඩුලු 3 ක් දවාගැනීමට සිමී සිං සමත් වුවද ඔහුට සිය කණ්ඩායම පරාජයෙන් ගළවාගැනිමට නොහැකි විය.
 
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් අයර්ලන්ත කණ්ඩායමට ෆ්‍රෙඩ් ක්ලාසෙන් සහ ලොගන් වැන්බීක්‍ ප්‍රමුඛ නෙදර්ලන්ත පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 49.2 ක් අවසන් වන විට ලබාගත හැකි වූයේ ලකුණු 163 ක් පමණි. එහිදී ක්ලාසෙන් ලකුණු 23 කට කඩුලු 3 ක්ද, වැන්බීක් ලකුණු 29 කට කඩුලු 3 ක්ද දවාගත්හ.

පන්දු 100 කට මුහුණදුන් ‍හැරී ටෙක්ටර් හතරේ පහර 5 ක් සමග ලකුණු 58 ක්ද, පන්දු 69 කට මුහුණදුන් ජෝජ් ඩොක්රෙල් හතරේ පහර 5 ක් සමග ලකුණු 40 ක්ද රැස්කරමින් අයර්ලන්ත ඉනිම ගොඩනැගූහ. එහෙත් පිතිකරුවන් 7 දෙනෙක්ම ලකුණු 10 සීමාව පසුකර යෑමටත් පෙර දැවී යෑම නිසා අයර්ලන්තයට ඉහළ ලකුණු සංඛ්‍යාවක් කරා යෑමට නොහැකි විය.

 
අයර්ලන්තය - ඕවර 49.2 කදී සියලු දෙනා දැවී 163
(හැරී ටෙක්ටර් 58, ජෝජ් ඩොක්රෙල් 40, සිමි සිං නොදැවී 21, ෆ්‍රෙඩ් ක්ලාසෙන් 23/3, ලොගන් වැන්බීක්‍ 29/3)
 
නෙදර්ලන්තය - ඕවර 45.5 කදී කඩුලු 6 ක් දැවී 166
(ස්ටීවන් මයිබර්ග් 74, මැක්ස් ඔඩෝව්ඩ් 36, මුසා අහමඩ් 19, බේස් ඩි’ ලීඩ් 18, සිමී සිං 29/3)


-036


අදහස් (0)

නෙදර්ලන්තය 2-1 කින් අයර්ලන්තය පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.