Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket නෙත්මගෙන් ලකුණු දහසක්

නෙත්මගෙන් ලකුණු දහසක්

editorial - 2022 ජුලි මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රොෂාන් ගුණරත්න)

ආනන්ද විද්‍යාලයේ නෙත්ම කරුණාරත්න මෙවර වයස 19 න් පහළ දෙදින තරගාවලියේදී ලකුණු 1000 සම්පූර්ණ කිරීමට සමත්විය.

මෙවර අන්තර් පාසල් අතර ප්‍රධානතම ක්‍රිකට් තරගාවලිය නොපැවැත්වුණි. එහෙත් වාර්ෂිකව පැවැත්වෙන සාම්ප්‍රදායික තරග 13 ක ඉනිම 21 කදී ලකුණු 1001 ක් ලබාගැනීමට නෙත්ම සමත්විය. ඔහුගේ ලකුණු 1000 සඳහා ශතක 3 ක් සහ අර්ධ ශතක 6 ක් ඇතුළත් වේ.
ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයට එරෙහිව අද (7 වැනිදා) අවසන් වූ අතපත්තු - හලංගොඩ ශූරතා කුසලාන තරගයේදී ලබාගත් ශතකයත් (නොදැවී 127) සමගින් ලකුණු 1000 සම්පූර්ණ කිරීමට නෙත්මට හැකිවිය.

කුරුණෑගල මලියදේව, කටුගස්තොට ශාන්ත අන්තෝනී සහ ගල්කිස්ස සාන්ත තෝමස් යන විද්‍යාලයන්ට එරෙහිව ශතක 3 ක් වාර්තා කළ නෙත්ම කරුණාරත්න, කඳනා ද මැසිනොද්, මහනුවර ධර්මරාජ, කොළඹ ශාන්ත ජෝසප්, කොළඹ රාජකීය, මොරටුව ශාන්ත සෙබස්තියන් සහ මොරටුව වේල්ස් කුමර යන විද්‍යාලයන්ට එරෙහිව අර්ධ ශතක 6 ක් රැස් කළේය.

 


අදහස් (0)

නෙත්මගෙන් ලකුණු දහසක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.