හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලය සහ කොළඹ ආරක්ෂක සේවා විද්‍යාලය අතර 2018 වර්ෂයේ ආරම්භ කරන ලද නීල - ලෝහිත ක්‍රිකට් තරගාවලියේ පස්වැනි එක්දින තරගය අද (29 වැනිදා) කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩා පිටියේදී පැවැත්වේ. මෙවර තරගයේ සත්කාරකත්වය මහින්ද රාජපක්ෂ විද්‍යාලය විසින් දරනු ලබයි.
මෙම තරගාවලියේ තුන්දින තරගය අප්‍රේල් මස 22/23/24 යන දිනයන්හි මොරටුව, ද සොයිසා ක්‍රිඩාපිටියේ දී පවත් වන ලදි. හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලය විසින් එම තරගය ජයගන්නා ලදි.
මීට පෙර පැවති එක්දින තරග අතරින් තරග දෙකක් මහින්ද රාජපක්ෂ විද්‍යාලය ජයග්‍රහණය කර ඇති අතර තරග දෙකක ජය ආරක්ෂක සේවා විද්‍යාලය විසින් හිමි කර ගෙන තිබේ.

හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලය

කොළඹ ආරක්ෂක සේවා විද්‍යාලය
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.