Last Update  :  2025-04-30 21:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket නිම්සර තරගයේ වාසිය ගාල්ලට අදී
එන්.එස්.එල්. - 2025

නිම්සර තරගයේ වාසිය ගාල්ලට අදී

editorial - 2025 අප්‍රේ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

නායක රමේෂ් මෙන්ඩිස් ඇතුළු පසුපෙළ පිතිකරුවන්ගේ ධෛර්යවත් පිතිහරඹය නිසා අපේක්‍ෂිත ඉලක්කයට ආසන්න වූ ගාල්ල ක්‍රීඩකයෝ කොළඹ එස්.එස්.සී. පිටියේදී පැවැත්වෙන ජාතික සුපර් ලීග් (එන්.එස්.එල්.) පළමු පෙළ තරගාවලියේ අවසන් තරගයේදී සිය මුල් ඉනිම වෙනුවෙන් ලකුණු 370 ක් ලබාගත්හ. ගාල්ල සහ දඹුල්ල කණ්ඩායම් අතර පැවැත්වෙන අවසන් තරගයේ දෙවැනි දිනය වූ අද (28 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට දඹුල්ල කණ්ඩායමේ කඩුලු 5 ක් ලකුණු 154 කට දැවී ගොස් තිබිණ. 

ගාල්ල වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ වේග පන්දු යවන නිම්සර අතරගල්ල ලකුණු 50 කට කඩුලු 4 ක් දවාගත්තෙන් තරගයේ වාසිය ගාල්ල පිල වෙත නැඹුරු වී තිබේ. ගාල්ලට වඩා තවමත් ලකුණු 216 ක් පසුපසින් සිටින දඹුල්ල ක්‍රීඩකයන් සතුව ඇත්තේ කඩුලු 5 ක් පමණි. ඇරත් දඹුල්ල පිලේ ප්‍රබලතම පිතිකරුවන් වන නායක ධනංජය ද සිල්වා, ආරම්භක පිතිකරු නිශාන් මධුෂ්ක මෙන්ම 19 හැවිරිදි දිනුර කළුපහනත් දැවී ගොස් සිටිති. 

තරගයේ පළමු දිනය අවසානයේදී කඩුලු 5 ක් අහිමිව සිටි ගාල්ල ක්‍රීඩකයන් ලබා සිටියේ ලකුණු 210 කි. එහෙත් අද දිනයේ සිය අවසන් කඩුලු 5 වෙනුවෙන් ඔව්හු ලකුණු 160 ක් ලබාගත්හ. 

ගාල්ල කණ්ඩායමේ 9 වැනි කඩුල්ල ලකුණු 337 දී බිඳ වැටුණ නමුත් සන්තුෂ් ගුණතිලක (39) සමගින් එක්වූ අවසන් පිතිකරු නිම්සර අතරගල්ල 10 වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ ලකුණු 33 ක සම්බන්ධතාව නිසා ගාල්ල පිලට අනපේක්‍ෂිත වාසියක් ලැබිණ. 

ගාල්ල - ඕවර 96.2 කදී සියලු දෙනා දැවී 370 යි
(ඕෂධ ප්‍රනාන්දු 52, දිනේෂ් චන්දිමාල් 80, අවිශ්ක පෙරේරා 26, දුනිත් වෙල්ලාලගේ 34, රමේෂ් මෙන්ඩිස් 31, සන්තුෂ් ගුණතිලක 39, නිම්සර අතරගල්ල 11, මොහොමඩ් ශිරාස් 92/4, අකිල ධනංජය 92/2)

දඹුල්ල - ඕවර 41 කදී කඩුලු 5 ක් දැවී 154 යි
(නිශාන් මධුෂ්ක 17, රොන් චන්ද්‍රගුප්ත 65, සම්මු අශාන් 35, නිම්සර අතරගල්ල 50/4)

 


අදහස් (0)

නිම්සර තරගයේ වාසිය ගාල්ලට අදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.