Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ තරගයකදී ගම්පහ බණ්ඩාරනායක විදුහලට එරෙහිව ලකුණු 41 ක ජයක් හිමිකර ගැනීමට කොළඹ නාලන්ද විදුහල ඊයේ (24 වැනිදා) සමත්විය. මෙම තරගය කොළඹ නාලන්ද විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
නාලන්ද විදුහලේ සචිත ගුණතිලක (89) අර්ධ ශතකයක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර බණ්ඩාරනායක විදුහල වෙනුවෙන් ජනිඳු ජයවර්ධන ලකුණු 57 කට කඩුලු 4 ක් සහ සිසිත මදනායක ලකුණු 59 කට කඩුලු 3 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ. පසිඳු සංකලන (68) අර්ධ ශතකයක් ලබාගත්තේය.
නාලන්ද විදුහල - ඕවර 44 කදී සියලුදෙනා දැවී 227
(සචිත ගුණතිලක 89, අවිෂ්ක පෙරේරා 39, රුසාර භානුක 34, ජනිඳු ජයවර්ධන 57/4, සිසිත මදනායක 59/3, අරෝෂ මදුෂාන් 26/2)
බණ්ඩාරනායක විදුහල - ඕවර 46.1 කදී සියලුදෙනා දැවී 186
(පසිඳු සංකලන 68, මහීම වීරකෝන් 35/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.