Last Update  :  2025-05-09 22:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket නායක නිපුන්ගෙන් විශිෂ්ට ශතකයක්
එංගලන්ත සංචාරය

නායක නිපුන්ගෙන් විශිෂ්ට ශතකයක්

editorial - 2022 මැයි මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

පළපුරුදු සරේ පන්දු යවන්නන් හමුවේ විශිෂ්ට පිතිහරඹයක නිරත වූ නිපුන් ධනංජය ලබාගත් ලකුණු 150 හේතුවෙන් ගිල්ෆර්ඩ්හිදී පැවැත්වෙන දෙවැනි සිව්දින තරගයේදී ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 372 ක් ලබාගත්තේය. ඊට පිළිතුරු වශයෙන් තරගයේ දෙවැනි දිනය වූ සෙනසුරාදා (21 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට සරේ ප්‍රාන්ත කණ්ඩායම කිසිවකු නොදැවී ලකුණු 196 ක් ලබා සිටියේය.

තරගය ආරම්භ වූ පෙරේදා (20 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට කඩුලු 6 ක් දැවී ලකුණු 230 ක් ලබා සිටි ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම, ඊයේ සිය පළමු ඉනිමට තවත් ලකුණු 143 ක් එක්කර ගත්තේය. එහිදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ නිපුන් ධනංජය හතරේ පහර 11 ක් සමග නොදැවී ලකුණු 150 ක් රැස් කළේය.

පැය පහමාරකට වැඩි කාලයක් පිටියේ සිටි ධනංජය, පන්දු 232 කට මුහුණ දෙමින්, ඒවායින් 11 ක් හතරේ සීමාවෙන් එපිටට යැවීය. තවමත් පළමු පෙළ තරග 10 කට පමණක් සහභාගි වී ඇති, 21 හැවිරිදි වමත් පිතිකරුවා ලබාගත් දෙවැනි පළමු පෙළ ශතකය මෙයයි.
 
අවිෂ්ක තරිඳු (48) සමග එක්ව 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 82 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ධනංජය, ඉන් නොනැවතී දුනිත් වෙල්ලාලගේ (46) සමග එක්ව 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 87 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීය.  

සෙනසුරාදා ක්‍රීඩාව අවසන් වන විට සරේ ආරම්භක පිතිකරු බෙන් ගෙඩ්ස් හයේ පහරක් සහ හතරේ පහර 9 ක් සමග ලකුණු 75 ක්ද, රයන් පතෙල් හයේ පහර 4 ක් සහ හතරේ පහර 10 ක් සමග ලකුණු 109 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ.

සරේ කණ්ඩායමේ ආරම්භක කඩුල්ලේ සම්බන්ධතාව බිඳදැමීම සඳහා ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායමේ නායක නිපුන් ධනංජය, තමාද ඇළත්ව, පන්දු යවන්නන් 7 දෙනකුගේ සේවය ලබාගත් නමුත් ඔවුන් කිසිවුකුට කඩුල්ලක් දැවාගැනීමට නොහැකි විය.


ශ්‍රී ලංකා නැඟී එන පිල - කඩුලු 9 ක් දැවී 372
(ලසිත් කෲස්පුල්ලේ 32, නුවනිඳු ප්‍රනාන්දු 16, නිපුන් ධනංජය නොදැවී 150, අවිෂ්ක තරිඳු 48, මනෙල්කර් ද සිල්වා 16, දුනිත් වෙල්ලාලගේ 46, යසිරු රුද්‍රිගූ 17, ටොම් ලෝස් 34/3, අමර් විර්දි 67/3)

සරේ ප්‍රාන්ත පිල - කිසිවකු නොදැවී 196
(බෙන් ගීඩ්ස් නොදැවී 75, රයන් පතෙල් නොදැවී 109)  

-036

 


අදහස් (0)

නායක නිපුන්ගෙන් විශිෂ්ට ශතකයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.