Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
බංග්ලාදේශයට එරෙහිව ඕක්ලන්ඩ්හිදී පැවැති තෙවැනි විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ලකුණු 65 ක ජයක් අත්කර ගැනීමට නවසීලන්තය අද (1 වැනිදා) සමත් විය. මෙම ජයත් සමගින් නවසීලන්ත ක්‍රීඩකයෝ තරග 3 කින් සමන්විත තරගාවලිය 3-0 ක් ලෙසින් ජයගත්හ.
වර්ෂාව හේතුවෙන් තරගයේ ඉනිමක් ඕවර 10 කට සීමා කෙරුණ අතර ජයග්‍රහණය සඳහා බංග්ලාදේශ කණ්ඩායමට එහිදී ලකුණු 142 ක ඉලක්කයක් හිමි විය. එහෙත් ටොඩ් ඇස්ට්ල් (13/4) සහ නායක ටිම් සවුති (15/3) ප්‍රමුඛ නවසීලන්ත පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ බංග්ලාදේශ කණ්ඩායමට ඕවර 10 අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 76 ක් පමණි.
එහිදී බංග්ලාදේශ පිතිකරුවන් 7 දෙනෙකුම ලකුණු 10 සීමාව ඉක්මවා යෑමට මත්තෙන් ආපසු ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට නවසීලන්ත පන්දු යවන්නෝ සමත් වූහ.
පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 34 කදී ලකුණු 85 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනැගූ මාටින් ගප්ටිල් (44) සහ ෆින් ඇලන් (71) නවසීලන්ත කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන්හ. මෙම සම්බන්ධතාව මත සිටිමින් ලකුණු ලබාගැනීම වේගවත් කළ සෙසු පිතිකරුවෝ ඕවරයකදී ලකුණු 14 ක පමණ වේගයක් රඳවා ගත්හ.
පන්දු 29 කට මුහුණදුනු ඇලන් හයේ පහර 3 කින් සහ හතරේ පහර 10 කින් සිය අර්ධ ශතකය සැරසූ අතර පන්දු 19 කදී වාර්තා වූ ගප්ටිල්ගේ ඉනිමට හයේ පහර 5 ක් සහ හතරේ පහරක් ඇතුළත් විය. ග්ලේන් පිලිප්ස් පන්දු 6 කදී හයේ පහර 2 ක් සමග ලකුණු 14 ක් ලබාගත්තේය.
නවසීලන්තය - ඕවර 10 කදී කඩුලු 4 ක් දැවී 141
(මාටින් ගප්ටිල් 44, ෆින් ඇලන් 71, ග්ලේන් පිලිප්ස් 14)
බංග්ලාදේශය - ඕවර 10 කදී සියලු දෙනා දැවී 76
(මොහොමඩ් නයීම් 19, මොසද්දික් හොසේන් 13, ටොඩ් ඇස්ටේල් 13/4, ටිම් සවුති 15/3)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.