Last Update  :  2024-04-28 22:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket නවසීලන්තය ලකුණු 528 ක් ඉදිරියෙන්

නවසීලන්තය ලකුණු 528 ක් ඉදිරියෙන්

editorial - 2024 පෙබ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර නවසීලන්තයේ මවුන්ට් මන්ගනුයි නුවර බේ ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය වූ අද (6 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට පන්දුවට පහර දෙමින් සිටි නවසීලන්තය කඩුලු 4 ක් දැවී ලකුණු 179 ක් ලබා සිටියේය. 

තෙවැනි දිනය අවසානයේ නවසීලන්තය කඩුලු 6 ක් අතැතිව දකුණු අප්‍රිකාවට වඩා තවත් ලකුණු 528 ක් ඉදිරියෙන් සිටි අතර ඒ වන විට ඩැරිල් මිචෙල් හතරේ පහරක් සමග ලකුණු 11 ක්ද, ටොම් බ්ලන්ඩල් හතරේ පහරක් සමග ලකුණු 5 ක්ද ලබා නොදැවී කඩුල්ලලේ රැදී සිටියහ. නවසීලන්ත ඉනිමේ බිඳවැටුණු කඩුලු 4 න් 2 කට හිමිකම් කීමට නීල් බ්‍රෑන්ඞ් සමත් විය. 

දක්ෂ පිතිහරඹයක නිරත වෙමින් පළමු ඉනිමේදී ශතකයක් ලබාගත් කේන් විලියම්සන්, දෙවැනි ඉනිමේදීද (ලකුණු 109) ශතකයක් ලබාගත්තේ හයේ පහරක් සහ හතරේ පහර 12 ක් සමගිනි. විලියම්සන් ක්‍රීඩා කරන 97 වැනි ටෙස්ට් තරගය මෙය වන අතර එහිදී ඔහු ලබාගත් 31 වැනි ශතකයද මෙය විය. 

තරගයේ දෙවැනි දිනය වූ ඊයේ (5 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට කඩුලු 4 ක් දැවී ලකුණු 80 ක් ලබා සිටි දකුණු අප්‍රිකානු කණ්ඩායමට, අද දිනයේ සිය පළමු ඉනිම සඳහා එක්කරගත හැකි වූයේ තවත් ලකුණු 82 ක් පමණි. එහිදී මැතිව් හෙන්රි සහ මිචෙල් සෑන්ට්න්ර් කඩුලු 3 බැගින් බිඳහෙළමින් දකුණු අප්‍රිකානු ඉනිම අඩපණ කළහ.

  
නවසීලන්ත පළමු ඉනිම - සියලු දෙනා දැවී 511
(ටොම් ලේතම් 20, කේන් විලියම්සන් 118, රචින් රවින්ද්‍ර 240, ඩර්ලි මිචෙල් 34, ග්ලේන් පිලිප්ස් 39, මැතිව් හෙන්රි 27, නීල් බ්‍රෑන්ඞ් 119/6, රෝන් ඩි’ ස්වාර්ඞ්ට් 61/2) 

දකුණු අප්‍රිකානු පළමු ඉනිම - සියලු දෙනා දැවී 162 
(එඞ්වඞ් මෝරෙ 23, සුබේර් හම්සා 22, ඬේවිඞ් බෙඩිංහැම් 32, කීගන් පීටර්සන් 45, මැතිව් හෙන්රි 31/3, මිචෙල් සෑන්ට්න්ර් 34/3, රචින් රවින්ද්‍ර 16/2, කයිල් ජැමීසන් 35/2) 

නවසීලන්ත දෙවැනි ඉනිම - කඩුලු 4 ක් දැවී 179 
(ඩෙවොන් කොන්වේ 29, කේන් විලියම්සන් 109, නීල් බ්‍රෙෑන්ඞ් 52/2) 

-036 


අදහස් (0)

නවසීලන්තය ලකුණු 528 ක් ඉදිරියෙන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.