Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
18 වැනිදා (වෙලින්ටන්) - ඒ.එෆ්.පී.
පාකිස්තානු සංචාරය හදිසියේම අතහැර දැමීම සම්බන්ධයෙන් පවතින ආරක්‍ෂක තොරතුරු සම්බන්ධයෙන් දිගටම මුනිවත රැකීමට නවසීලන්තය තීරණය කර තිබේ.
නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩාංගණයෙන් පිටතදී ප්‍රහාරයකට මුහුණදීමට සිදුවනු ඇතැයි, නවසීලන්ත අගමැතිනි ජසින්ඩා අර්ඞ්න් මහත්මිය පාකිස්තානු අගමැති ඉම්රාන් ඛාන් මහතාට පවසා තිබේ. මේ බව මාධ්‍යයට හෙළිදරව් කර ඇත්තේ පාකිස්තානයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ශීක් රෂීඞ් අහමඞ් මහතාය.
වර්තමානයේදී පාකිස්තානු අගමැතිවරයා වන ඉම්රාන් ඛාන් මහතා 1992 දී ලෝක කුසලනය පාකිස්තානයට දිනා දුන් පාකිස්තානයේ හිටපු ක්‍රිකට් නායකයාය. ක්‍රිකට් තරගාවලියක් අතහැර දැමීමේ අලාභය වෙනත් කිසිදු දේශපාලඥයකුට වඩා හොඳින් ඉම්රාන් ඛාන් මහතාට දැනෙනු නිසැකය.
නවසීලන්ත කණ්ඩායමේ පාකිස්තානු සංචාරය අත්හිටුවීම පාකිස්තානයේ ක්‍රිකට් ක්‍රීඩාවට මරු පහරකි. එය මූල්‍ය වශයෙන් පමණක් නොව, පාකිස්තානු ක්‍රිකට් ක්‍රීඩාවේ මෙන්ම පාකිස්තානයේ දේශපාලන කීර්තිනාමයටද විශාල කැළලක් වී තිබේ. වසර 2009 දී ලාහෝර් නුවරදී ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන් ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසුව වසර ගණනාවක් ඇණහිට තිබූ පාකිස්තානයේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාව 2016 සිට යන්තමින් හිස ඔසවමින් තිබුණා පමණි.
නවසීලන්ත කණ්ඩායමේ පාකිස්තානු සංචාරය අත්හිටවූ බවට ආරංචිය ආවේ දෙපිල අතර පළමු එක්දින තරගය ආරම්භ වීමට විනාඩි කිහිපයක් තිබියදීය. තරගය පැවැත්වීමට නියමිතව තිබූ රාවල්පිණ්ඩි ක්‍රීඩාංගණය සහ නවසීලන්ත ක්‍රීඩකයන් ඉස්ලාමාබාද් හි නවාතැන් ගෙන සිටි හෝටලය අතර කිලෝමීටර 10 ක පරතරයක් තිබිණ.
සංචාරය අතරමග නවතාදැමීමට සහාය දක්වන බව නිවේදනය කරමින්, නවසීලන්ත අගමැතිනිය ඉතාමත් කෙටි නිවේදනයකින් කියා සිටියේ “ක්‍රීඩකයන්ගේ ආරක්‍ෂාව පළමු අවධානයයි” කියාය. නවසීලන්ත ක්‍රිකට් ආයතනය සමගින් සම්බන්ධව සිටි නවසීලන්තයේ විදේශ කටයුතු අමාත්‍යංශය කියා සිටියේ “නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානයේදී ත්‍රස්තවාදී ප්‍රහාරයකට මුහුණදීමට තිබූ අවදානම ඉහළ මට්ටමක තිබුණා” කියාය.
“සියලුම සංචාර සම්බන්ධයෙන් නවසීලන්ත ක්‍රිකට් ආයතනයට එයාලගේම ආරක්‍ෂක අංශයක් තියෙනවා. ඒ ගැන තීන්දු තීරණ ගන්නේ ඒ අයයි” යයි නවසීලන්තයේ විදේශ කටයුතු අමාත්‍යංශයේ අයෙක් පැවසීය.
වසර 2002 දී නවසීලන්ත කණ්ඩායම නැවතී සිටි කරච්චි නුවර හෝටල පරිශ්‍රයෙන් පිටතදී සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් හේතුවෙන් 14 දෙනෙක් මියගියහ. මියගිය පිරිස අතර ප්‍රංශ ජාතික නාවික ඉංජිනේරුවෝ 11 දෙනෙක්ද වූහ. මෙම ප්‍රහාරයේ ප්‍රතිඵලක් වශයෙන් නවසීලන්ත පිල වහාම තරගාවලිය අවලංගු කරමින් ආපසු සියරට බලා ගියේය.
නවසීලන්ත ක්‍රිකට් ආයතනයේ ප්‍රකාශකයකු කීවේ “මේ වෙලාවේදී ඒ ගැන කිසිවක් කියන්න බෑ” යනුවෙනි. මෙම තරගාවලිය අවලංගු කරන ලද හේතුව පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලයට හෝ ලෝකයේ අනෙකුත් ක්‍රිකට් ක්‍රීඩා කරන රටවලට දන්වා ඇතැයිද කළ විමසීම සම්බන්ධයෙන්ද නවසීලන්ත ක්‍රිකට් ආයතනය නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරයි.
එංගලන්තයේ කාන්තා සහ පිරිමි කණ්ඩායම් දෙකම ලබන මාසයේදී පාකිස්තානයේ සංචාරය කිරීමට නියමිතය. ඕස්ට්‍රේලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම්ද ඉදිරි මාස 6 ක කාලය ඇතුළතදී පාකිස්තානයේ සංචාරය කිරීමට නියමිතය.
පාකිස්තානයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ශීක් රෂීඞ් අහමඞ් මහතා පවසන පරිදි පාකිස්තානයේ ක්‍රිකට් ක්‍රීඩාවට කිසිම තර්ජනයක් නැත. නවසීලන්ත කණ්ඩායම් වලට හෝ එංගලන්ත කණ්ඩායම් වලටත් කිසිම තර්ජනයක් නැත.
වසර 18 කට පසුව පාකිස්තානයට ආ නවසීලන්ත කණ්ඩායම එක්දින තරග 3 කට සහ විස්සයි-20 තරග 5 කට සහභාගිවීමට සූදානමින් සිටියේය.
- 213
podi malli Saturday, 18 September 2021 09:17 PM
මේකේ පිටිපස්සේ ඉන්නේ වෙන කවුරුවත් නොවේ... ඉන්දියාව... එයාලා කැමැති නැහැ ඉන්දියන් ක්‍රිකට් නැගිටිනවට...
Reply 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.