Last Update  :  2025-07-30 20:43:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket නවසීලන්තය කඩුලු 8 කින් ඉන්දියාව පරදවයි

නවසීලන්තය කඩුලු 8 කින් ඉන්දියාව පරදවයි

editorial - 2021 ඔක් මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 28 වැනි තරගය ලෙස ඉන්දියාව සහ නවසිලන්තය අතර ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (31 වැනිදා) පැවැති සුපිරි 12 දෙනාගේ වටයේ තරගයෙන් කඩුලු 8 ක ජයක් අත්කර ගැනීමට නවසීලන්තය සමත් විය. මෙම ජයත් සමග දෙවැනි කාණ්ඩයේ තෙවැනි ස්ථානය දක්වා ඉහළට පැමිණීමටද නවසීලන්තයට හැකි විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 111 ක ඉලක්කයක් හඹාගිය නවසීලන්ත ක්‍රීඩකයෝ ඕවර 14.3 ක් අවසානයේ කඩුලු 2 ක් පමණක් දැවී එම ඉලක්කය සපුරාගත්හ. මුලු ලකුණු සංඛ්‍යාව 24 ක්ව තිබියදී ආරම්භක පිතිකරු මාටින් ගප්ටිල් ලකුණු 20 කට දැවී ගියද, ඩර්ලි මිචෙල් (49) සමග එක්ව දෙවැනි කඩුල්ල සඳහා පන්දු 54 කදී ලකුණු 72 ක සම්බන්ධතාවක් ගොඩනැගූ නායක කේන් විලියම්සන් (නොදැවී 33) සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය.

පන්දු 35 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 49 ක් රැස්කළ මිචෙල් අර්ධ ශතකය පෙනි පෙනී තිබියදී ජස්ප්‍රීට් බුම්රාගේ පන්දුවක් හමුවේ ලෝකේෂ් රාහුල් අතට උඩ පන්දුවක් දෙමින් දැවී ගියේය. පන්දු 17 කදී වාර්තා වූ ගප්ටිල්ගේ ඉනිමට හතරේ පහර 3 ක් ඇතුළත් වූ අතර පන්දු 31 කට මුහුණදුන් විලියම්සන්ද හතරේ පහර 3 කින් සිය ඉනිම සැරසුවේය.

කාසියේ වාසිය දිනූ නවසීලන්ත නායකයාගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායමට ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 110 ක් පමණි. ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ රවින්ද්‍ර ජදේජා පන්දු 19 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 26 ක් රැස්කළ අතර හර්දික් පාණ්ඩ්‍යා පන්දු 24 කදී ලකුණු 23 ක් රැස‍්කළේ හතරේ පහරක් සමගිනි.

මුලු ලකුණු සංඛ්‍යාව 11 ක් වන විට ආරම්භක පිතිකරු ලොකේෂ් රාහුල් ලකුණු 4 කට පිටියෙන් ඉවත් කළ ට්‍රෙන්ට් බෝල්ට්, ඉන් නොනැවතී හර්දික් පාණ්ඩ්‍යාගේ සහ ශර්දුල් ඨාකුර්ගේ (0) කඩුලුද දවාගත්තේය. ඉන්දීය කණ්ඩායමේ වැදගත්ම කඩුලු දෙක වන රෝහිත් ශර්මාගේ (14) කඩුල්ලට සහ විරාට් කෝලිගේ (9) කඩුල්ලට හිමිකම් කියනු ලැබුවේ ඉෂ් සෝධි විසිනි.

ඉන්දියාව - ඕවර 20 කදී කඩුලු 7 කට 110

(ලෝකේෂ් රාහුල් 18, රෝහිත් ශර්මා 14, රිෂාබ් පාන්ට් 12, හර්දීක් පාණ්ඩ්‍යා 23, රවින්ද්‍ර ජදේජා නොදැවී 26, ට්‍රෙන්ට් බෝල්ට් 20/3, ඉෂ් සෝධි 17/2)

නවසීලන්තය - ඕවර 14.3 කදී කඩුලු 2 කට 111

(මාටින් ගප්ටිල් 20, ඩර්ලි මිචෙල් 49, කේන් විලියම්සන් නොදැවී 33, ජස්ප්‍රීට් බුම්රා 19/2) 

 


අදහස් (0)

නවසීලන්තය කඩුලු 8 කින් ඉන්දියාව පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.