Last Update  :  2025-08-15 15:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket නවසීලන්තය කඩුලු 3 කට ලකුණු 173 යි

නවසීලන්තය කඩුලු 3 කට ලකුණු 173 යි

editorial - 2019 නොවැ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය (29 වැනිදා) නිමාවට පත්වන විට පන්දුවට පහරදෙමින් සිටි නවසීලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 3 ක් දැවී ලකුණු 173 ක් ලබා සිටියේය.

වර්ෂාව හේතුවෙන් අද දිනයේ තරගය ඕවර 53.3 කට සීමා වූ අතර දිනය නිමාවන විට ආරම්භක පිතිකරු ටොම් ලේතම් ලකුණු 101 ක්ද, හෙන්රි නිකෝල්ස් ලකුණු 5 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ.

සිය 11 වැනි ටෙස්ට් ශතකය හතරේ පහර 15 කින් අලංකාර කළ ලේතම්, තෙවැනි කඩුල්ල වෙනුවෙන් රොස් ටේලර් (53) සමග එක්ව ලකුණු 116 ක සම්බන්ධතාවක් ගොඩනගමින් නවසීලන්ත ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීය.

ටේලර්ගේ 32 වැනි ටෙස්ට් අර්ධ ශතකය හතරේ පහර 8 කින් සමන්විත වූ අතර නායක කේන් විලියම්සන්ට ලබාගත හැකි වූයේ ලකුණු 4 ක් පමණි. ඔවුන් දෙදෙනාම ක්‍රිස් වෝක්ස්ගේ පන්දු හමුවේ ජෝ රූට් අතට උඩ පන්දු දෙමින් දැවී ගියහ.

මුලු ලකුණු සංඛ්‍යාව 16 ක් වන විට නවසීලන්ත ඉනිමේ පළමු කඩුල්ල බිඳ දැමීමට ස්ටුවට් බ්‍රෝඞ් සමත් වූ අතර එහිදී ජීත් රාවල් ලකුණු 5 කට දැවී ගියේද ජෝ රූට් අතට උඩ පන්දුවක් ලබා දෙමිනි.


නවසීලන්ත පළමු ඉනිම - කඩුලු 3 ක් දැවී 173
(ටොම් ලේතම් නොදැවී 101, රොස් ටේලර් 53, ක්‍රිස් වෝක්ස් 41/2)

-036

 


අදහස් (0)

නවසීලන්තය කඩුලු 3 කට ලකුණු 173 යි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.