Last Update  :  2024-04-27 19:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket නවසීලන්තය 2-0 කින් ටෙස්ට් තරගාවලිය ජයගනී

නවසීලන්තය 2-0 කින් ටෙස්ට් තරගාවලිය ජයගනී

editorial - 2024 පෙබ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව නවසීලන්තයේ හැමිල්ටන් නුවර සෙඩොන් උද්‍යාන ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ නවසීලන්තය, දෙරට අතර පැවැති තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 2-0 ක් ලෙස ජය ගැනීමට සමත් විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 267 ක ඉලක්කයක් හඹාගිය නවසීලන්තය තරගයේ සිවුවැනි දිනය වූ ඊයේ (16 වැනිදා) කඩුලු 3 ක් දැවී ඉලක්කය සපුරාගත්හ. එහිදී සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 32 වැනි ශතකය ලබාගැනීමට කේන් විලියම්සන් (නොදැවී 133) සමත් වූ අතර ඔහු එම ඉනිම හයේ පහර 2 කින් සහ හතරේ පහර 12 කින් සැරසුවේය.
 
රචින් රවින්ද්‍ර (20) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 64 ක සම්බන්ධතාවක් ගොඩනැගූ විලියම්සන්, ඉන් නොනැවතී විල් යංග් (නොදැවී 60) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 152 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය. විල්ගේ අර්ධ ශතකය හතරේ පහර 8 කින් සමන්විත විය. 


දකුණු අප්‍රිකානු පළමු ඉනිම - සියලු දෙනා දැවී 242 
නවසීලන්ත පළමු ඉනිම - සියලු දෙනා දැවී 211 
දකුණු අප්‍රිකානු දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 235 

(නීල් බ්‍රෑන්ඞ් 34, සුබේර් හම්සා 17, ඬේවිඞ් බෙඩිංහැම් 110, කීගන් පීටර්සන් 43, විලියම් ඕරොර්ක් 34/5, ග්ලේන් පිලිප්ස් 50/2) 
නවසීලන්ත දෙවැනි ඉනිම - කඩුලු 3 ක් දැවී 269 
(ටොම් ලේතම් 30, ඩෙවෝන් කොන්වේ 17, කේන් විලියම්සන් නොදැවී 133, රචින් රවින්ද්‍ර 20, විල් යංග් නොදැවී 60, ඬේන් පීඞ්ට් 93/3) 

-036 


අදහස් (0)

නවසීලන්තය 2-0 කින් ටෙස්ට් තරගාවලිය ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.