Last Update  :  2025-12-28 16:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket නවසීලන්ත පිල අසීරු අඩියක

නවසීලන්ත පිල අසීරු අඩියක

දිලිනි මල්රුක්ෂි - 2014 ජුනි මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නවසීලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව්ව අතර ටි‍්‍රනිඩෑඞ්හි කුවීන්ස්පාර්ක් ඕවල් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනයවූ ඊයේ (19 වැනිදා) කී‍්‍රඩාව නතර කරන විට සිය දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි නවසීලන්ත පිල කඩුලූ 8 ක් දැවී ලකුණු 257 ක් ලබා සිටියේය.

ඒ අනුව ඔවුන් කඩුලූ 2 ක් පමණක් අතැතිව බටහිර ඉන්දීය කොදෙව් පිලට වඩා තවත් ලකුණු 18 ක් ඉදිරියෙන් සිටියි.

නවසීලන්ත දෙවැනි ඉනිමේ කඩුලූ 8 ක් ලකුණු 212 ක් තුළ දවාගැනීමට කොදෙව් පන්දුයවන්නන් සමත්වූ අතර නමවැනි කඩුල්ල සඳහා ලකුණු 45 නොබිදුණ සම්බන්ධතාවක් ගොඩනගමින් බෙන් වෙට්ලිිං (නොදැවී 38) සහ මාර්ක් කැරිං (නොදැවී 29) දිනය නිමාවන විට කඩුල්ලේ රැදී සිටියහ.

දැවී ගිය කඩුලූ 8 න් 5 කටම හිමිකම් කීමට කොදෙව් පිලේ් ප‍්‍රධානතම වේග පන්දුයවන්නන් දෙදෙනා වන ජෙරම් ටේලර් සහ කේමර් රෝච් සමත්වුහ.

පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් පිල සියලූ දෙනා දැවී ලකුණු 460 ක් ලබාගත් අතර ආරම්භක පිතිකරු කේ‍්‍රග් බ‍්‍රැත්වයිට් (129) සහ ඩැරන් බ‍්‍රාවෝ (109) ශතක රැුස්කිරීමට සමත්වූහ. ඔවුන් දෙදෙනා එක්ව සිව්වැනි කඩුල්ල සඳහා ගොඩනැගූ සම්බන්ධතාව ලකුණු 182 කි.

පන්දු 258 කින් වාර්තා වූ කේ‍්‍රග් බ‍්‍රැත්වයිට්ගේ ඉනිමට හතරේ පහර 13 ක් ඇතුලත් වූ අතර පන්දු 155 කින් වාර්තා වූ ඩැරන් බ‍්‍රාවෝගේ ඉනිමට හයේ පහර 4 ක් හ හතරේ පහර 11 ඇතුලත්විය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත පිල පළමු ඉනිම වෙනුවෙන් සියලූ දෙනා දැවී 221 ක් ලබාගත්තේය. එහිදී නවසීලන්ත පිලේ වැඩිම ලකුණු ලාභියා වූ ටොම් ලේතම් හතරේ පහර 10 ක් සමගින් ලකුණු 82 ක් රැස්කළේය. රොස් ටේලර් ලකුණු 45 ක් ලබා නවසීලන්ත ඉනිම නිමාවන තෙක්ම කඩුල්ලේ රැුදීසිටියේය.

ජෙරම් ටේලර් කඩුලූ 4 ක් සහ සුලෙයිමන් බෙන් 3 ක් බැගින් දවාගනිමින් නවසීලන්ත ඉනිම සුනුවිසුණු කර දැමූහ.  

නවසීලන්තය පිල පළමු ඉනිම ඕවර 74.4 කදී සියලූ දෙනා දැවී 221
(ටොම් ලේතම් 82, කේන් විලියම්සන් 42, රොස් ටේලර් නොදැවී 45, ජමී නීෂම් 15, ජෙරම් ටේලර් 34/4, සුලෙයිමන් බෙන් 73/3, ශනෝන් ගේබි‍්‍රයල් 43/2)

බටහිර ඉන්දීය කොදෙව් පිල පළමු ඉනිම ඕවර 137.1 කදී සියලූ දෙනා දැවී 460
(කේ‍්‍රග් බ‍්‍රැත්වයිට් 129, කිර්ක් එඞ්වඞ්ස් 55, ඩැරන් බ‍්‍රාවෝ 109, ශිවනරියන් චන්ද්‍රපෝල් 47, ජර්මයින් බ්ලැක්වුඞ් 63, ඩිනේෂ් රැුම්ඩින් 32, ඉෂ් සෝධි 96/4, ටෙ‍්‍රන්ට් බෝල්ට් 75/3)

නවසීලන්තය පිල දෙවැනි ඉනිම ඕවර 127 කදී කඩුලූ 8 ක් දැවී 257
(ටොම් ලේතම් 36, කේන්, විලියම්සන් 52, රොස් ටේලර් 36, බෙන් වෙට්ලිං නොදැවී 38, මාර්ක් කැරිං නොදැව 29, කේමර් රෝච් 53/3, ජෙරම් ටේලර් 46/2, සුලෙයිමන් බෙන් 62/2)

036


අදහස් (0)

නවසීලන්ත පිල අසීරු අඩියක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.