Last Update  :  2024-04-27 19:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket නවසීලන්ත ඉනිම 179 කට සීමා වෙයි

නවසීලන්ත ඉනිම 179 කට සීමා වෙයි

editorial - 2024 මාර් මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර වෙලිංටන්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (1 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට පන්දුවට පහර දෙමින් සිටි ඕස්ට්‍රේලියාව සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 2 ක් දැවී ලකුණු 13 ක් ලබා සිටියේය. 

ඒ අනුව ඕස්ට්‍රේලියාව තවත් කඩුලු 8 ක් අතැතිව නවසීලන්තයට වඩා ලකුණු 217 ක් ඉදිරියෙන් සිටින අතර දෙවැනි දිනය අවසානයේ ආරම්භක පිතිකරු උස්මන් කවාජා ලකුණු 5 ක්ද, රාත්‍රී මුරකරු පිතිකරු ලෙස පිටියට පිවිසි නේදන් ලයන් ලකුණු 6 ක්ද ලබා නොදැවී සිටියහ. 

අද තරගය ආරම්භ කරන විට කඩුලු 9 ක් දැවී ලකුණු 279 ක් ලබා සිටි ඕස්ට්‍රේලියානුවෝ, සිය පළමු ඉනිමට තවත් ලකුණු 104 ක් එක්කර ගත්හ. එහිදී අවසන් කඩුල්ල වෙනුවෙන් ලකුණු 116 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට කැමරන් ග්‍රීන් (නොදැවී 174) සහ ජොස් හෙසල්වුඞ් (22) සමත් වූහ. 

පිළිතරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තයට නේදන් ලයන් ප්‍රමුඛ ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ සිය පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 179 ක් පමණි. දක්ෂ පන්දු යැවීමක නිතර වූ ලයන් ලකුනු 43 කට කඩුලු 4 ක් දවාගත්තේය. 

නවසීලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ග්ලේන් පිලිප්ස් හතරේ පහර 13 ක් සමග ලකුණු 71 ක් රැස්කළ අතර ටොම් බ්ලන්ඩල් (33) සමග එක්ව 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 84 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද පිලිප්ස් සමත් විය. 


ඕස්ට්‍රේලියානු පළමු ඉනිම - සියලු දෙනා දැවී 383 
(ස්ටීවන් ස්මිත් 31, උස්මාන් කවාජා 33, කැමරන් ග්‍රීන් නොදැවී 174, මිචෙල් මාෂ් 40, පැට් කමින්ස් 16, ජොස් හෙසල්වුඞ් 22, මැතිව් හෙන්රි 70/5, ලියම් ඕරුක් 87/2, ස්කොට් කුගිලීජන් 75/2) 

නවසීලන්ත පළමු ඉනිම - සියලු දෙනා දැවී 179
(ටොම් බ්ලන්ඩල් 33, ග්ලේන් පිලිප්ස් 71, මැතිව් හෙන්රි 42, නේදන් ලයන් 43/4, ජොස් හෙසල්වුඞ් 55/2) 
ඕස්ට්‍රේලියානු දෙවැනි ඉනිම - කඩුලු 2 ක් දැවී 13 

-036


අදහස් (0)

නවසීලන්ත ඉනිම 179 කට සීමා වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.