Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් පාලනය වන කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ස්ථාපිත ඉහළ දස්කම් සංවර්ධන මධ්‍යස්ථානයේ නව පුහුණුකරුවන් ලෙස ජාතික කණ්ඩායම නියෝජනය කළ තිදෙනකු ඇතුඵ නව පුහුණුකරුවෝ සිව්දෙනෙක් හෙට (01) වැඩ බාරගැනීමට නියමිතය.
ටෙස්ට් ක්‍රීඩකයන් වන මලින්ද වර්ණපුර සහ දිනුක් හෙට්ටිආරච්චි, එක්දින පිල නියෝජනය කළ සංජීව වීරකෝන් සහ ශ්‍රී ලංකා ‘ඒ’ පිල නියෝජනය කළ ධම්මික සුදර්ශන යන මහත්වරු එම පුහුණුකරුවෝ වෙති. මෙම පුහුණුකරුවන් ඉහළ දස්කම් සංවර්ධන මධ්‍යස්ථානයේ විවිධ අංශවලට අනුයුක්ත කිරීමට නියමිත බව එහි ප්‍රධානී ජෙරම් ජයරත්න මහතා ‘ලංකාදීප’යට පැවසීය.
හිටපු ආරම්භක පිතිකරුවකු මෙන්ම බම්බලපිටිය ශාන්ත පීතර විදුහලේ හිටපු ප්‍රධාන පුහුණුකරුවා ද වන මලින්ද වර්ණපුර මහතා පන්දු රැකීමේ අංශයට අනියුක්ත කිරීමට නියමිත බව වාර්තා වේ.
මෑතකාලයේදී ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිලට වැඩිම ක්‍රීඩකයන් සංඛ්‍යාවක් බිහිකළ ගාල්ල රිච්මන්ඞ් විදුහලේ වසර 10 ක් අඛණ්ඩව පුහුණුකරු ලෙස කටයුතු කළ ධම්මික සුදර්ශන මහතා වයස 15 න් පහළ හෝ වයස 17 න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායමක පුහුණුකරු ධූරය හිමිවීමට බොහෝ දුරට ඉඩ තිබේ.
වමතින් දඟ පන්දු යවන්නන් වන සජීව වීරකෝන් සහ දිනුක් හෙට්ටිආරච්චි දඟ පන්දු යවන්නන් සම්බන්ධ කාර්යයක් සඳහා යොමු කිරීමට නියමිත බව වාර්තා වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.