Last Update  :  2025-05-09 22:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ධවාන් - භානුක පන්ජාබ් පිලට ජය ගෙනෙති
අයි.පී.එල්.- 2022

ධවාන් - භානුක පන්ජාබ් පිලට ජය ගෙනෙති

editorial - 2022 අප්‍රේ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 38 වැනි තරගය ලෙස චෙන්නායි සුපර්කිංග්ස් කණ්ඩායම සහ පන්ජාබ් කිංග්ස් කණ්ඩායම අතර මුම්බායිහි වැන්කඩේ ක්‍රීඩාංගණයේදී අද (25 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 11 ක ජයක් වාර්තා කිරීමට පන්ජාබ් කිංග්ස් කණ්ඩායම සමත් විය. මේ දක්වා තරග 8 කට සහභාගි වී ඇති පන්ජාබ් කිංග්ස් කණ්ඩායම එහිදී ලැබූ සිවුවැනි ජය මෙය විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 188 ක ඉලක්කයක් හඹාගිය චෙන්නාායි කණ්ඩායමට කගිසෝ රබාඩා සහ රිෂී ධවාන් ප්‍රමුඛ පන්ජාබ් පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 20 අවසන් වන විට කඩුලු 6 ක් දැවී ලාබගත හැකි වූයේ ලකුණු 176 ක් පමණි. එහිදී රබාඩා සහ ධවාන් කඩුලු 2 බැගින් බිඳහෙඛළූහ.

චෙන්නායි ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ අම්බටි රයිඩු පන්දු 39 කදී හයේ පහර 6 ක් සහ හතරේ පහර 7 ක් සමග වේගවත් ලකුණු 78 ක් රැස්කළද, ඔහුට සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට නොහැකි විය. ආරම්භක පිතිකරු රුතුරාජ් ගයික්වාද් පන්දු 27 කින් ලකුණු 30 ක් රැස්ළේ හ‍තරේ පහර 4 ක් සමගිනි.

පළමුවෙන් පන්දුවට පහරදුන් පන්ජාබ් කිංග්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 187 ක් ලබාගත්තේය. පන්ජාබ් ඉනිම ආරම්භ කරමින් පිටියට පිවිසි ශිකර් ධවාන් ඉනිම නිමාවන තෙක්ම කඩුල්ලේ රැදෙමින් පන්දු 59 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 9 ක් සමග නොදැවී ලකුණු 88 ක් රැස්කළේය.

භානුක රාජපක්ෂ (42) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 71 කදී ලකුණු 110 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනැගීමටද ධවාන් සමත් විය. පන්දු 32 කට මුහුදුන් භානුක හයේ පහර 2 කින් සහ හතරේ පහර 2 කින් සිය ඉනිම සැරසූ අතර අර්ධ ශතකය පෙනි පෙනී සිටියදී ඩ්වේන් බ්‍රාවෝගේ පන්දුවක් හමුවේ ශිවම් ඩූබේ අතට උඩ පන්දුවක් දෙමින් දැවී ගියේය.

පන්ජාබ් කිංග්ස් පිල - ඕවර 20 කදී කඩුලු 4 කට 187
(මායන්ක් අගර්වාල් 18, ශිකර් ධවාන් නොදැවී 88, භානුක රාජපක්ෂ 42, ලයෑම් ලිවිංග්ස්ටන් 19, ඩ්වේන් බ්‍රාවෝ  42/2)

චෙන්නායි සුපර් කිංග්ස් පිල - ඕවර 20 කදී කඩුලු 6 කට 176
(රුතුරාජ් ගයික්වාද් 30, අම්බටි රයිඩු 78, රවින්ද්‍ර ජදේජා 21, කගිසෝ ර‍බාඩා 23/2, රිෂී ධවාන් 39/2)

 

-036

 


අදහස් (0)

ධවාන් - භානුක පන්ජාබ් පිලට ජය ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.