Last Update  :  2025-09-06 19:51:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ධර්මාශෝක පන්දු යවන්නෝ සටනට බසිති

ධර්මාශෝක පන්දු යවන්නෝ සටනට බසිති

සංජය එරමුදුගොඩ - 2017 මැයි මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

උදෑසන සිටම ප්‍රතිවාදීන් අත තිබූ තරගයේ වාසිය පස්වරුවේ දි සියතට ගත් අම්බලන්ගොඩ ධර්මාශෝක ක්‍රීඩකයෝ ශ්‍රී දේවානන්ද විදුහල් පිලට එරෙහිව අද මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී ආරම්භ වූ සුනිල සංග්‍රාම ස්වර්ණ ජයන්ති මහා ක්‍රිකට් තරගයේ පළමු දිනය නිමාවට පත්වන විට දේවානන්ද විදුහල් පිලේ කඩුලු 7ක්ම ලකුණු 97කට දවාලීමට සමත් වූහ. ඒ අනුව දේවානන්ද විදුහල් පිල ධර්මාශෝක විදුහල් පිලට වඩා තවත් ලකුණු 63ක් පසුපසින් සිටින්නේ කඩුලු 3ක් පමණක් අතැතිවය.

කාසියේ වාසිය දිනූ ශ්‍රී දේවානන්ද විදුහල් පිලේ නායක උදාර මෙන්ඩිස්ගේ ඇරියුමෙන් සිය පළමු ඉනිම ආරම්භ කළ ධර්මාශෝක විදුහල් පිලට දැඩි අභියෝගයක් එල්ල කළ දේවනන්ද විදුහල් පිලේ පන්දු යවන්නන් දිවා ආහාරයට පෙර ධර්මාශෝක විදුහල් පිලේ ප්‍රබල පිතිකරුවන් සිවුදෙනකු නැවත ක්‍රීඩාගාරයට හරවා යැවීමට සමත්වූවත් දෙවැනි භාගයේදී ඉනිම ගොඩනැගූ අගපෙළ පිතිකරුවන් ධර්මාශෝක විදුහලේ අස්වැසිල්ලට හේතුවන ලකුණු පුවරුවක් බිහිකළේ ලකුණු 150 සීමාව පසුකරමිනි.

මෙහි පුරෝගාමියා වූ අත්දැකීම් බහුල ආරම්භක පිතිකරු කවීෂ් කුමාර එක් අන්තයකින් සිය කඩුල්ල ආරක්ෂ කරගනිමින් අර්ධ ශතකයකට හිමිකම් කිමට සමත්වූ අතර ශ්‍රී දේවානන්ද විදුහල් පිලේ සජින සංකල්ප සහ චතුර මිලාන් කැපී පෙනෙන පන්දු යැවීමක නිරතවූ අතර ධර්මාශෝක විදුහල් පිලේ කඩුලු 5ක් දෙදෙනා අතර බෙදා හදා ගත්හ.

ධර්මාශෝක විදුහල් පිල ලකුණු 150කට සීමා කළ දේවානන්ද විදුහල් පිල අද පස්වරුවේ ඉනිම ආරම්භ කළත් අභියෝගාත්කම පන්දු යැවීමක නිරතවූ ප්‍රතිවාදී පිලේ පන්දු යවන්නන් ඔවුන්ගේ බලාපොරොත්තු සුන් කර දැමූහ.

අම්බලන්ගොඩ දෙවිදුහල් අතර මහා ක්‍රිකට් තරගය මොරටුවේ පැවැත්වීමට කටයුතු යොදා ඇත්තේ මීට පෙර තරගය පැවැති අම්බලන්ගොඩ මහජන ක්‍රීඩාංගණයේ වසරකට අධික කාලයක් පුරා සිදුකෙරෙන ප්‍රතිසංස්කරණ හේතුවෙනි.

 

ධර්මාශෝක පළමු ඉනිම - ඕවර 56.2කදී සියලු දෙනා දැවී ලකුණු 159
(කවීෂ් කුමාර 55, නිමේෂ් මෙන්ඩිස් 21, චතුර මිලාන් 37/2, සජින සංකල්ප 23/3, ඉමේෂ් මධුසංඛ 19/2)

ශ්‍රී දේවානන්ද පළමු ඉනිම - ඕවර 38කදී කඩුලු 7ක් දැවී ලකුණු 96
(කවිඳු සොහාන් නොදැවී 35, සචිඳු උද්දීපන 29, ලසිත් කුමාර 3/3)


- 077


අදහස් (0)

ධර්මාශෝක පන්දු යවන්නෝ සටනට බසිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.