Last Update  :  2025-05-13 15:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ධර්මරාජයට ලකුණු 13 ක ජයක්

ධර්මරාජයට ලකුණු 13 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2017 මැයි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ තරගයකදී මහනුවර ශාන්ත අන්තෝනී විදුහලට එරෙහිව පැරබෝලා න්‍යායට අනුව ලකුණු 13 ක ජයක් හිමිකර ගැනීමට මහනුවර ධර්මරාජ විදුහල ඊයේ (23 වැනිදා) සමත්විය. මෙම තරගය මහනුවර ධර්මරාජ විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

ශාන්ත අන්තෝනී විදුහල ජයග්‍රහණය සදහා ලකුණු 186 ක ඉලක්කයක් හඹාගියද වර්ෂාව හේතුවෙන් තරගය නතර කරනවිට පැරබෝලා න්‍යායට අනුව ජයග්‍රහණය සදහා ලකුණු 176 ක් ලබාගත යුතුව තිබුණි.

ඉසුරු දයානන්ද (57) ධර්මරාජ විදුහල වෙනුවෙන් අර්ධ ශතකයක් ලබාගත් අතර ගිහාන් අචින්ත (නොදැවී 72) අර්ධ ශතකයක් ලබාගනිමින් ශා. අන්තෝනී විදුහල වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වීය.


ධර්මරාජ විදුහල - ඕවර 49.4 කදී සියලුදෙනා දැවී 185
(ඉසුරු දයානන්ද 57, දුලාජ් බණ්ඩාර 36, මොහොමඞ් කමිල් 23/3, කල්හාර සේනාරත්න 02/2, ගයාන් සමරසිංහ 24/2, නවෝද්‍ය විජේකුමාර 38/2)

ශා. අන්තෝනී විදුහල - ඕවර 43.1 කදී කඩුලු 9 ක් දැවී 162
(ගිහාන් අචින්ත නොදැවී 72, උපේන්ද්‍ර වර්ණකුලසූරිය 13/3, නවින්ද දිල්ශාන් 15/2, විරාජිත් ඇහැලේපොල 23/2)

 


අදහස් (0)

ධර්මරාජයට ලකුණු 13 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.