Last Update  :  2024-04-28 22:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ධනිෂ්කගේ ක්‍රිකට් තහනම අවසන්

ධනිෂ්කගේ ක්‍රිකට් තහනම අවසන්

editorial - 2023 ඔක් මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරුවා වන දනිෂ්ක ගුණතිලකට පනවා තිබූ ක්‍රිකට් තහනම ඉවත් කර ඇත. ධනිෂ්කට ඕස්ටේ්‍රලියාවේදී එල්ල වී තිබූ අපරාධ චෝදනාවල බලපෑම පිළිබඳ විමර්ශනය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පත් කරන ලද ස්වාධීන පරීක්ෂණ කමිටුව ඔහුට එරෙහිව පනවා තිබූ තහනම සම්පූර්ණයෙන් ඉවත් කරන ලෙස නිර්දේශ කර තිබේ. 

ධනිෂ්ක ගුණතිලකට එරෙහිව ඕස්ටේ්‍රලියාවේ නිව් සවුත් වේල්ස් දිස්ත්‍රික් උසාවියේ ගොනු කර තිබූ සියලුම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීම හේතුවෙන් ඔහු මේ මස 3 වැනි දින නැවත ශ්‍රී ලංකාවට පැමිණයේය. එහෙත් ධනිෂ්කට එරෙහිව 2022 නොවැම්බර් මාසයේ, ඕස්ටේ්‍රලියාවේදී නඩු පනවන ලද හෙයින් ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව දනිෂ්ක ගුණතිලකගේ සියලු ක්‍රිකට් ක්‍රියාකාරකම් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන ලදී. 

ධනිෂ්ක ගුණතිලක ඔහුට එරෙහිව තිබූ චෝදනා වලින් නිදොස් වීමත්, ඔහුගේ ක්‍රිකට් දිවිය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අභිලාෂයන් කෙරේත් අවධානය යොමුකරමින්, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු සිසිර රත්නායක, නීතීඥ නිරෝෂණ පෙරේරා සහ නීතිඥ අසේල රැකව යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් යුත් පරීක්ෂණ මණ්ඩලය විසින් ධනිෂ්කට ක්‍රිකට් ක්‍රියාකාරකම් නැවත ආරම්භ කිරීමට සහ නැවත ජාතික කණ්ඩායමට එක්වීමේ අවස්ථාව දීම සඳහා ඔහුගේ ක්‍රිකට් තහනම වහාම ඉවත් කරන ලෙස ඒකමතිකව නිර්දේශ කර තිබේ. 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව, ඔක්තෝබර් 13 වැනි දින පැවති රැස්වීමේදී ඉහත නිර්දේශය අනුමත කර ඇත. එහෙත් ධනිෂ්ක ගුණතිලකගේ ඉදිරි සියලු ක්‍රියාකාරකම් වලදී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ නියෝජිතයෙකු වශයෙන්, සෑම විටම තම තත්ත්වය තහවුරු කරන ලෙසද ඔවුහු ගුණතිලකට මහතාට අවවාද කර තිබේ. 

- 213


අදහස් (0)

ධනිෂ්කගේ ක්‍රිකට් තහනම අවසන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.