Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ධනංජය - මධුශංක යාපනය දිනවති
ජාතික සුපිරි ලීගය - 2023

ධනංජය - මධුශංක යාපනය දිනවති

editorial - 2023 පෙබ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

හත්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 91 ක අඛණ්ඩ සම්බන්ධතාවක් ගොඩනැංවූ ටෙස්ට් පිතිකරු ධනංජය ද සිල්වා (නොදැවී 82) සහ ළහිරු මධුශංක (නොදැවී 28) එක්ව, ජාතික සුපිරි ලීග් තරගාවලියේ තරගයකදී මහනුවර පිලට එරෙහිව යාපනය කණ්ඩායම කඩුලු 4 ක ජයක් කරා කැඳවාගෙන ගියහ. මෙම තරගාවලියේදී යාපනය කණ්ඩායම ලබාගත් එකම ජයග්‍රහණය මෙයයි. සිව්දින තරගාවලියක් වූවද කොළඹ එස්.එස්.සී. පිටියේ පැවැති මෙම තරගය දින තුනක් ඇතුළත (සෙනසුරාදා) අවසන් විය.

ලකුණු 243 ක ඉලක්කයක් කරා යමින් සිටි යාපනය කණ්ඩායමේ කඩුලු 6 ක් ලකුණු 152 කට බිඳ වැටිණ. ඉතිරි ලකුණු 91 ට පෙර යාපනය කණ්ඩායම අමාරුවේ දැමීමේ අවස්ථාව මහනුවර ක්‍රීඩකයන්ට තිබුණද ඊට හරස් වූ ධනංජය ද සිල්වා, සිය පසුපෙළ සහායකයා සමගින් කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේ නවසීලන්ත සංචාරය පෙනි පෙනී තිබියදී නැවතත් ලකුණු අතරට එමිනි.

යාපනය පිලේ ජනිත් ලියනගේ ශතකයක් ලබාගත් නමුත් මුල් ඉනිමේදී මහනුවර කණ්ඩායමට ලකුණු 20 ක වාසියක් හිමිවිය. එහෙත් ශකිල දුල්ෂාන් (73/4) සහ නවෝද් පරණවිතාන (16/3) දෙදෙනාගේ විශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් මහනුවර ක්‍රීඩකයෝ දෙවැනි ඉනිමේදී ලකුණු 222 කට දැවී ගියහ.

මුල් ඉනිමේදී ශතකයක් (101) ලබාගත් අහන් වික්‍රමසිංහ මහනුවර දෙවැනි ඉනිමේදීත් කණ්ඩායම ඉදිරියට ගෙන යාම සඳහා දැඩි සටනක නිරත වෙමින් හතරේ පහර 8 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 77 ක් ලබාගත්තේය. ඔහු දැවී ගියේ අවසන් පිතිකරුවාට කලිනි. එහෙත් නවෝද් පරණවිතාන හමුවේ මහනුවර ක්‍රීඩකයෝ ලකුණු 69 ක් ඇතුළත කඩුලු 5 ක් අහිමිකර ගත්හ.


මහනුවර -  පළමු ඉනිම 265 යි
(ඕෂධ ප්‍රනන්දු 33, සඳුන් වීරක්කොඩි 36, නිරෝෂන් දික්වැල්ල 21, අහන් වික්‍රමසිංහ 101, වනුජ සහන් 22, බිනුර ප්‍රනාන්දු 34/3, ශෂික දුල්ෂාන් 70/4)

යාපනය  - පළමු ඉනිම 245 යි
(නවෝද් පරණවිතාන 45, ජනිත් ලියනගේ 129, ළහිරු කුමාර 52/3, වනුජ සහන් 50/3)

මහනුවර  - දෙවැනි ඉනිම 222 යි
(කසුන් විදුර 29, තනුක දාබරේ 21, ඕෂධ ප්‍රනාන්දු 27, නිරෝෂන් දික්වැල්ල 25, අහන් වික්‍රමසිංහ 77, ශෂික දුල්ෂාන් 73/4, නවෝද් පරණවිතාන 16/3)

යාපනය - දෙවැනි ඉනිම කඩුලු 6 ට 243 යි
(රොන් චන්ද්‍රගුප්ත 20, නවෝද් පරණවිතාන 37, සධීර සමරවික්‍රම 41, ජනිත් ලියනගේ 20, ධනංජය ද සිල්වා නොදැවී 82, ළහිරු මධුශංක නොදැවී 28, වනුජ සහන් 95/2)

- 213

 


අදහස් (0)

ධනංජය - මධුශංක යාපනය දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.