Last Update  :  2025-08-03 20:06:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දෙවැනි තරගයටත් වැස්සෙන් බාධා

දෙවැනි තරගයටත් වැස්සෙන් බාධා

editorial - 2021 අගෝ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ඉන්දියාව සහ එංගලන්තය අතර පැවැත්වෙන පතව්දි කුසලාන ටෙස්ට් තරගාලියේ දෙවැනි තරගයේදී කාසියේ වාසිය දිනාගත් එංගලන්තය පළමුවෙන් පන්දු යැවීම තෝරා ගත්තේය. තරගාවලියේ පළමු තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූ අතර මෙම තරගය ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. 

කාසියේ වාසිය උරගා බැලීමෙන් පසුව තරමක වර්ෂාවක් ඇදහැළුණු බැවින් තරගයේ ආරම්භය පමා වූවද විනාඩි 30 ක ප්‍රමාදයකින් පසුව තරගය ආරම්භ විය. 

දකුණු පාදයේ බත්කෙණ්ඩ මස්පිඬුවේ ඉරී යාමක් හේතුවෙන් සිය 150 වැනි ටෙස්ට් තරගය ක්‍රීඩා කිරීමට සූදානමින් සිටි ස්ටුවර්ට් බ්‍රෝඩ්ට තරගය මඟහැරී ගියේය. එහෙත් ජේම්ස් ඇන්ඩසන් තරගය සඳහා සුදුසු තත්ත්වයක සිටී. එබැවින් එංගලන්ත කණ්ඩායමේ වෙනස්කම් 3 කි.

ඩැනියෙල් ලෝරන්ස්, සැක් ක්‍රෝලි සහ බ්‍රෝඩ් වෙනුවට මොයින් අලී, හසීබ් හමීඩ් සහ මාක් වුඩ් එංගලන්ත කණ්ඩායමට එක්ව සිටිති. 
තණතීරුවේ තරමක හරිත පැහැයක් පෙනෙන්නට තිබෙන බැවින් ජෝ රූට් කිසිදු පැකිලීමකින් තොරවම පන්දු යැවීම තෝරා ගත් නමුත් විරාට් කෝලි කීවේද තමනුත් පන්දු යැවීම තෝරා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටි බවයි. 

එංගලන්ත කණ්ඩායම
රෝරි බර්න්ස්, ඩොමිනික් සිබ්ලි, හසීබ් හමීඩ්, ජෝ රූට්(නායක), ජොනී බෙයාර්ස්ටෝ, ජොස් බට්ලර්, මොයින් අලී, සෑම් කරන්, ඔලී රොබින්සන්, මාක් වුඩ් සහ ජේම්ස් ඇන්ඩසන්, 

ඉන්දීය කණ්ඩායම

රෝහිත් ෂර්මා, ලෝකේෂ් රාහුල්, චෙටේස්වාර් පුජාරා, විරාට් කෝලි (නායක), අජින්ක්‍යා රහනේ, රිෂාබ් පන්ට්, රවීන්ද්‍ර ජදේජා, ජස්ප්‍රීට් බුම්රා, මොහොමඩ් සාමි, ඉෂාන්ත් ෂර්මා සහ මොහොමඩ් සිරාජ්

- 213


අදහස් (0)

දෙවැනි තරගයටත් වැස්සෙන් බාධා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.