අන්තර් පාසල් වයස 17 න් පහළ සීමිත ඕවර කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ දෙවැනි වටයට සුදුසුකම් ලබාගැනීමට කණ්ඩායම් 32 ක් සමත්වී තිබේ. ඒ අනුව එම කණ්ඩාම් 32, එක් කාණ්ඩයකට කණ්ඩායම් 4 බැගින් වූ කාණ්ඩ 8 ක් යටතේ ලීග් ක‍්‍රමට තරග වැදීමට නියමිතය.
එම කාණ්ඩ 8 හි ශූරයන් සහ අනු ශූරයන් තරගාවලියේ පෙර අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගන්නා අතර එතැන් සිට තරගාවලිය පිළිමළුන් පිටුදැකීමේ ක‍්‍රමයට පැවැත්වේ. දෙවැනි වටයේ තරග මේ මස 28 වැනිදා වන නිමා වීමට නියමිතය.
මෙහිදී 17 න් පහළ I කාණ්ඩයේ පසුගිය වසරේ ශූරයන් වූ ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලට තරගාවලියේ දෙවැනි වටයට සුදුසුකම් ලබාගැනීමට නොහැකිවීම කැපීපෙනෙන සිදුවීමකි.
තරගාවලියේ පළමු වටයේ තරග සඳහා කාණ්ඩ 10 ක් යටතේ කණ්ඩායම් 77 ක් සහභාගී වූහ.
දෙවැනි වටයේ කණ්ඩායම්
‘පී’ කාණ්ඩය -:
කොළඹ ශාන්ත තෝමස් විදුහල (ඒ කණ්ඩායම), ගම්පහ බණ්ඩාරනායක විදුහල, කුරුණෑගල මලියදේව විදුහල (ඒ කණ්ඩායම*, මහනුවර ධර්මරාජ විදුහල
‘කිව්’ කාණ්ඩය :-
කොළඹ ලූම්බිණි විදුහල, මහනුවර විද්‍යාර්ථ විදුහල, පානදුර රාජකීය විදුහල, මීගමුව මාරිස්ටෙලා විදුහල
‘ආර්’ කාණ්ඩය -:
බම්බලපිටිය ශාන්ත පීතර විදුහල (ඒ කණ්ඩායම), කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල (ඒ කණ්ඩායම), කළුතර විද්‍යාලය, වත්තල ශාන්ත අන්තෝනි විදුහල
‘එස්’ කාණ්ඩය :-
කොටහේන ශාන්ත බෙනඩික් විදුහල (ඒ කණ්ඩායම), පානදුර ශ්‍රී සුමංගල විදුහල, ගාල්ල ශාන්ත ඇලෝසියස් විදුහල, කොළඹ නාලන්දා විදුහල (ඒ කණ්ඩායම)
‘ටී’ කාණ්ඩය :-
වෙන්නප්පුව ජෝසප් වාස් විදුහල, අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල, කොළඹ සහිරා විදුහල, කොළඹ ආනන්දා විදුහල (ඒ කණ්ඩායම*
‘යූ’ කාණ්ඩය -:
මහනුවර ති‍්‍රත්ව විදුහල, මාතර රාහුල විදුහල, කොළඹ මහානාම විදුහල, මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල (ඒ කණ්ඩායම*
‘වී’ කාණ්ඩය :-
අනුරාධපුර මැදි විදුහල, කොළඹ තර්ස්ටන් විදුහල (ඒ කණ්ඩායම), මොරටුව වේල්ස් කුමර විදුහල (ඒ කණ්ඩායම), මාතර ශාන්ත සර්වේශස් විදුහල
‘ඩබ්ලිව්’ කාණ්ඩය -:
කළුතර සිරිකුරුස විදුහල, මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහල, කඳාන මැසිනොද් විදුහල, ගාල්ල රිච්මන්ඞ් විදුහල
036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.