Last Update  :  2025-07-30 20:43:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දෙව්මිණගෙන් ලකුණු 36 කට කඩුලු 9 ක්
15න් පහළ III කොටසේ ක්‍රිකට්

දෙව්මිණගෙන් ලකුණු 36 කට කඩුලු 9 ක්

editorial - 2025 ජුලි මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රජන්ත බමුණුකොටුව)

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 15න් පහළ අන්තර් පාසල් තෙවැනි කොටසේ ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තරගයකදී අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විද්‍යාල (බී) පිලට එරෙහිව පන්දුවෙන් කැපී පෙනෙන දස්කම් දැක්වීමට බද්දේගම ක්‍රිස්තුදේව විද්‍යාලයේ දෙව්මිණ චතුම් සමත්විය.

අහුන්ගල්ල රාජපක්ෂ විද්‍යාල ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී බද්දේගම ක්‍රිස්තුදේව විද්‍යාලය අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විද්‍යාල (බී) පිලට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලැබීය. පන්දුවෙන් කැපී පෙනෙන දස්කම් දැක්වූ බද්දේගම ක්‍රිස්තුදේව විද්‍යාලයේ දෙව්මිණ චතුම් පළමු ඉනිමේදී ලකුණු 07 කට කඩුලු 5 ක් සහ දෙවැනි ඉනිමේදී ලකුණු 29 කට කඩුලු 4 ක් දවාලමින් ඉනිම දෙකේදී ලකුණු 36 කට කඩුලු 9ක් දවාලීය.


බද්දේගම ක්‍රිස්තුදේව විද්‍යාලය - පළමු ඉනිම කඩුලු 4 ට 165 යි
(මතීෂ රශ්මික 54, තිසුක දුල්නෙත් 38, බිනාල් සංජුත නොදැවී 21)

අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විද්‍යාල (බී) - පළමු ඉනිම 44 යි
(දෙව්මිණ චතුම් 07/5, අදීත උත්සිත් 06/2, බිනාල් සංජුත 16/2)

අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විද්‍යාල (බී) - දෙවැනි ඉනිම කඩුලු 6 ක් දැවී 79 යි
(දෙව්මිණ චතුම් 29/4)



අදහස් (0)

දෙව්මිණගෙන් ලකුණු 36 කට කඩුලු 9 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.