Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දිල්ලි පිලෙන් පෙරළිකාර ජයක්
අයි.පී.එල්. 2023

දිල්ලි පිලෙන් පෙරළිකාර ජයක්

editorial - 2023 මැයි මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට එරෙහිව ඊයේ (2 වැනිදා) අහමදාබාද්හි නරේන්ද්‍ර සිං මෝදී ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් ලකුණු 5 ක තියුණු ජයක් වාර්තා කිරීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමත් විය. ප්‍රසාද ලකුණු සටහනේ පතුලේ රැදී සිටින දිල්ලි කණ්ඩායම මෙවර තරගාවලියේදී ලැබූ තෙවැනි ජයග්‍රහණය මෙය විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 131 ක ඉලක්කයක් හඹාගිය ගුජරාට් කණ්ඩායමට ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 125 ක් පමණි. නායක හර්දීක් පාණ්ඩ්‍යා පන්දු 53 කදී හතරේ පහර 7 ක් සමග ලකුණු 59 ක් ලබා ඉනිම නිමාවන තෙක් නොදැවී කඩුල්ලේ රැදී සිටියද ඔහුට සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට නොහැකි විය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් දිල්ලි කැපිටල්ස් පිල ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 130 ක් ලබාගත්තේය. එහිදී දිල්ලි ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ අමාන් හකීම් පන්දු 44 කින් ලකුණු 51 ක් රැස්කළේ හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක් සමගිනි.

විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ මොහොමඩ් සාමි සිය ඕවර 4 ලකුණු 11 කට සීමා කරමින් කඩුලු 4 ක් දවාගත් අතර දිල්ලි කණ්ඩායම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම සඳහා ඔහුට අනගි සහායක් දුන් මෝහිත් ශර්මා ලකුණු 33 කට කඩුලු 2 ක් බිඳහෙළුවේය.


දිල්ලි කැපිටල්ස් පිල - ඕවර 20 කදී කඩුලු 8 කට 130
(අක්සර් පටේල් 27, අමාන් හකීම් 51, රිපාල් පටේල් 23, මොහොමඩ් සාමි 11/4, මෝහිත් ශර්මා 33/2)

ගුජරාට් ටයිටන්ස් පිල - ඕවර 20 කදී කඩුලු 6 කට 125
(හර්දීක් පාණ්ඩ්‍යා නොදැවී 59, අභිනව් මනෝහර් 26, රාහුල් තේවතියා 20, ඛලීල් අහමඩ් 24/2, ඉෂාන්ත් ශර්මා 23/2)

-036

 


අදහස් (0)

දිල්ලි පිලෙන් පෙරළිකාර ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.