
ඩේවිඩ් වෝනර් (42) සහ රෝව්මන් පවෙල්ගේ (නොදැවී 33) වේගවත් පිතිහරඹයන් හමුවේ කොල්කටා නයිට් රයිඩර්ස් පිලට එරෙහිව මුම්බායිහිදී අද (28 වැනිදා) පැවැති ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ 41 වැනි තරගය කඩුලු 4 කින් ජය ගැනීමට දිල්ලි කැපිටල් පිල සමත්විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 147 ක ඉලක්කයක් හඹාගිය දිල්ලි පිල ඕවර 19 කදී කඩුලු 6 ක් දැවී ඉලක්කය පහසුවෙන් පසුකර යෑමට සමත්විය.
ඩේවිඩ් වෝනර් පන්දු 26 කදී හතරේ පහර 8 ක් සමගින් ලකුණු 42 ක් ලබාගත් අතර රෝව්මන් පවෙන් පන්දු 16 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහරක් සමගින් නොදැවී ලකුණු 33 ක් ලබාගනිමින් දිල්ලි කැපිටල් පිල ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්විය. අක්සාර් පතෙල් පන්දු 17 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 24 ක් ලබාගත්තේය.
සිය ඕවර 4 ලකුණු 24 කට සීමා කළ උමේෂ් යාදව් කඩුලු 4 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වුවද කොල්කටා පිල ජයග්‍රහණය කරා රැගෙන යාමට අපොහොසත් විය.
කාසියේ වාසිය දිනාගත් දිල්ලි කැපිටල් පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් කොල්කටා නයිට් රයිඩර්ස් පිල ඕවර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 146 ක් ලබාගත්තේය.
නිතිෂ් රානා පන්දු 34 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 57 ක් ලබාගනිමින් කොල්කටා නයිට් රයිඩර්ස් පිලේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට සමත්විය. ශ්‍රීයාස් අයියර් පන්දු 37 කදී හතරේ පහර 4 ක් සමගින් ලකුණු 42 ක් ලබාගත්තේය.
දක්ෂ පන්දු යැවීමක නිරත වූ කුල්දීප් යාදව් ලකුණු 14 කට කඩුලු 4 ක් සහ මුස්ටෆිසූර් රහ්මන් ලකුණු 18 කට කඩුලු 3 ක් දවාගනිමින් කොල්කටා නයිට් රයිඩර්ස් පිල අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීමට සමත්වූහ.
කොල්කටා නයිට් රයිඩර්ස් - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී 146
(නිතිෂ් රානා 57, ශ්‍රීයාස් අයියර් 42, රින්කු සිං 23, කුල්දීප් යාදව් 14/4, මුස්ටෆිසූර් රහ්මන් 18/3)
දිල්ලි කැපිටල් - ඕවර 19 කදී කඩුලු 6 ක් දැවී 150
(ඩේවිඩ් වෝනර් 42, ලලිත් යාදව් 22, රෝව්මන් පවෙල් නොදැවී 33, අක්සාර් පතෙල් 24, උමේෂ් යාදව් 24/3)






- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.