Last Update  :  2024-04-17 22:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දියගම පිටිය ක්‍රිකට් ආයතනයට?

දියගම පිටිය ක්‍රිකට් ආයතනයට?

editorial - 2022 ජුනි මස 16 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

(නාමල් පතිරගේ)

දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට  පැවරීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන බව ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ මහතා පවසයි.

එහි වත්මන් තත්ත්වය දැකබලා ගැනීම සඳහා ඇමැතිවරයා කළ නිරීක්ෂණ චාරිකාවකින් පසුව ඒ පිළිබඳව ඔහු අවධානය යොමුකර තිබේ.

මෙම නිරීක්ෂණ චාරිකාවට ඇමැතිවරයා ඊයේ (16) සහභාගි විය. කෙසේ වුවත් ඒ පිළිබඳව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන ඇමැතිවරයාගේ මාධ්‍ය ලේකම් ප්‍රසන්න අධිකාරි මහතා දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේ වත්මන් අබලන් තත්ත්වය දැක සංවේගයට පත්වූ බව සඳහන් කරයි.

ඒ අනුව කඩිනමින් එහි ප්‍රතිසංස්කරණ හා සංවර්ධන කටයුතු සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හෝ වෙනත් පෞද්ගලික ව්‍යාසායකයන් සම්බන්ධ කර ගැනීමට අපේක්ෂා කරන බව ක්‍රීඩා ඇමැතිවරයා ප්‍රකාශ කර තිබේ.

ක්‍රීඩාංගණයේ ඇතැම් ඉදිකිරීම් නටබුන් තත්ත්වයට  පත්ව ඇතැයිද මෙම තත්ත්වය  කඩිනමින් කැබිනට් මණ්ඩලය වෙත දැනුම් දී දියගම ක්‍රීඩාංගණය නවීකරණය කිරීමට අවශ්‍ය පියවර  ගන්නා බවත් නිරීක්ෂණ චාරිකාවට එක්වෙමින් ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

‘‘ක්‍රීඩාංගණ නඩත්තුවට විශාල ලෙස වියදම් දරනවා. නමුත් එහෙම විශාල පිරිවැය දරමින් නඩත්තු කරන ක්‍රීඩාංගනවලින් ප්‍රයෝජන නොගෙන ඒවා වල්බිහිවෙන්න ඇරලා තියන එක ගැන මම දැඩි ලෙස කනගාටු වෙනවා’’ යයිද ඔහු පැවසීය.

මෙම නිරීක්ෂණ චාරිකාවට ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විජේකෝන්, අතිරේක ලේකම් තිලකා ජයසුන්දර, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය, දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීර්ණයේ  අධ්‍යක්ෂ ජනරාල් රෝහණ බණ්ඩාර යන මහත්ම මහත්මීහුද එක්ව සිටියහ. ශ්‍රී ලංකාවේ මීටර 400 පූර්ණ කෘත්‍රිම ධාවන පථයකින් සමන්විත ක්‍රීඩාංගණ දෙකෙන් එකක් වන්නේ මෙම දියගම එළිමහන් ක්‍රීඩාංගණයයි.


අදහස් (1)

දියගම පිටිය ක්‍රිකට් ආයතනයට?
  • sam Friday, 17 June 2022 12:48 PM

    ඔය මහින්ද කියන නම ගලවලා දාන්න. වියත්මග නෙමෙයිනේ හැදුවේ.. ඕක හදන්න කෝටියක් ගියා නම් ඒකෙන් භාගයක්ම හොරාකාලා ඇති...

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.