Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ආරම්භක පිතිකරුවන් දෙදෙනාගේ ධෛර්වයත් පිතිහරඹය නිසා මිර්පූර්හිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වන අද (24 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම කිසියම් ස්ථාවර ස්ථානයකට පැමිණ සිටියේය. බංගලාදේශීන් සිය මුල් ඉනිම වෙනුවෙන් ලබාගත් ලකුණු 365 ට පිළිතුරු සොයා යන ශ්‍රී ලංකා කණ්ඩායම අද සවස ක්‍රීඩාව නතර කරන විට සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 2 ක් දැවී ලකුණු 143 ක් ලබා සිටියේය.
කඩුලු 8 ක් අතැතිව සිටින ශ්‍රී ලංකා පිල තවමත් බංග්ලාදේශයට වඩා ලකුණු 222 ක් පසුපසින් සිටී. 2022-23 ලෝක ටෙස්ට් ශූරතාවලියේ සාර්ථකම පිතිකරුවකු වන දිමුත් කරුණාරත්න, නොදැවී ලකුණු 70 ක් ලබාගනිමින්, සටන අත නොහැර තවමත් පිටියේ රැඳී සිටී.
දිමුත් ලකුණු 37 ක් ලබා සිටියදී දුන් උඩපන්දුවක් ෂෝට් ලෙග් හි සිටි මහමුදුල් හසන් වෙතින් ගිළිහී ගිය අතර ඊට සුළු වේලාවකට පසුව දිමුත් දවාගත හැකිව තිබූ පහසු අවස්ථාවක් බංග්ලාදේශයෙන් ගිළිහී ගියේ විනිසුරු තීරණ විමසීමට ඉදිරිපත් නොවීමෙනි.
අද තේ පානය දක්වා පැය දෙකකට ආසන්න කාලයක් සිය කඩුලු ආරක්‍ෂා කරගත් දිමුත් කරුණාරත්න (නොදැවී 31) සහ ඕෂධ ප්‍රනාන්දු (නොදැවී 52) තේ පානය වන විට ලකුණු සංඛ්‍යාව 84 ක් දක්වා ඉහළ දමා තිබිණ. එහෙත් තේ පානයෙන් පසුව ඉක්මනින් ලකුණු කරා යාමට උත්සාහ කළ ඕෂධ, නජ්මුල් හොසේන්ට උඩපන්දුවක් තිළිණ කරමින් දැවී ගියේය.
දිගින් දිගටම පිට ඉන්න එල්ලයේ පන්දු යවමින් මුරණ්ඩු පහරකට ඕෂධ පොළඹවා ගැනීමට උත්සාහ කළ එබාදත් හොසේන් වරක් දෙකක් ඕෂධගෙන් පහර කෑවේය. එහෙත් ඊළඟ පන්දුවේදී පිතිකරුවාගේ ඉනිම අවසන් කිරීමට වේග පන්දු යවන්නා සමත් වූයේය.
පපුවේ වේදනාවක් හේතුවෙන් ඊයේ පිටියෙන් ඉවත්ව, පරීක්‍ෂණයක් සඳහා රෝහලට ගිය කුසල් මෙන්ඩිස් අද පිතිහරඹය සඳහා පිටියට පිවිසියේය. ලබාගත්තේ ලකුණු 11 ක් පමණක් වන නමුත් සකිබ් අල් හසන්ගේ හොඳ පන්දුවකින් දැවී ගිය අංක 3 පිතිකරුවා තවමත් හොඳින් ලකුණු අතර සිටින්නෙකි.
කසුන් රාජිත සහ අසිත ප්‍රනාන්දු දෙදෙනාගේ විශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් බංග්ලාදේශ මුල් ඉනිම ලකුණු 365 කට සීමා විය. හිටපු නායක මුෂ්ෆිකුර් රහීම් (නොදැවී ලකුණු 175) සහ ලිටන් දාස් (141) දෙදෙනා හැරෙන්නට බංග්ලාදේශ කණ්ඩායමේ සෙසු පිතිකරුවන් 9 දෙනාටම ලබාගත හැකිවූයේ ලකුණු 32 කි.
කඩුලු 9 ක් බෙදාහදාගත් කසුන් රාජිත (64/5) සහ අසිත ප්‍රනාන්දු (93/4) දෙදෙනා හමුවේ බංග්ලාදේශ පිතිකරුවෝ හය දෙනෙක්ම ලකුණු නොලබා දැවී ගියහ. වසර 145 ක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේදී ශතක දෙකකින් සහ බින්දු (0) හයකින් සමන්විත එකම ලකුණු පුවරුවද එයම විය.
අද දිනයේ යැවූ 8 වැනි ඕවරයේදී කඩුලු 2 ක් දවාගත් කසුන් රාජිත, ලකුණු 272 ක් වූ ලිටන් දාස් සහ මුෂ්ෆිකුර් රහීම් අතර සම්බන්ධතාව බිඳ දැම්මේය. එයින් මඳ වේලාවකට පසුව කසුන් රාජිත, ටෙස්ට් තරගයකදී පළමු වතාවට සිය පස්වැනි කඩුල්ල දවාගත්තේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.