Last Update  :  2024-03-29 19:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දිමුත් - සධීර ඇතුළට එද්දී මැතිව්ස් ඉවතට
2023 ලෝක කුසලාන ක්‍රිකට්

දිමුත් - සධීර ඇතුළට එද්දී මැතිව්ස් ඉවතට

editorial - 2023 ජුනි මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

(දමින්ද විජේසූරිය)

මේ මස 18 වැනිදා සිට සිම්බාබ්වේහිදී පැවැත්වෙන ලෝක කුසලාන සුදුසුකම් තේරීමේ තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා සංචිතයට දිමුත් කරුණාරත්න සහ සධීර සමරවික්‍රම ඇතුළත් කර තිබේ. එහෙත් නවසීලන්ත සංචාරයේදී සහ ඇෆ්ඝනිස්ථානයට එරෙහිව පැවැති තරගාවලි දෙකේදීම කණ්ඩායමට ඇතුළත්ව සිටි ඇන්ජලෝ මැතිව්ස්ට ශ්‍රී ලංකා එක්දින සංචිතයේ ස්ථානය අහිමි වී තිබේ.

පිතිකරු ලයිස්තුවේ ඕනෑම ස්ථානයකින් පිටියට එවිය හැකි සධීර සමරවික්‍රම කණ්ඩායමට එක්වී ඇත්තේ අතිරේක කඩුලු රකින්නකු ලෙසිනි.

ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කරමින්, ඇෆ්ඝනිස්ථානයට එරෙහිව ක්‍රීඩා කිරීමට සූදානම් වෙමින් සිටි කුසල් ජනිත් පෙරේරාගේ වම් පාදයේ කලව මස්පිඬුව සුව වී ඇතැයි වාර්තාවන නමුත් මේ වන විට ඔහුගේ දකුණු කලව මස්පිඬුව වේදනා දෙන්නට පටන් ගෙන තිබේ. එබැවින් කුසල් ජනිත් පෙරේරාගේ ස්ථාවරය වී ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය කමිටුවේ නිර්දේශය මත ක්‍රීඩා කිරීමයි.

වසර දෙකකට පසුව, පසුගිය මාර්තු මාසයේදී නැවතත් එක්දින සංචිතයට එක්වූ ඇන්ජලෝ මැතිව්ස් මේ වසරේ සහභාගි වූ එක්දින තරග 3 කදී ලබා ඇත්තේ ලකුණු 30 කි. එම තරග තුනේදී ඔහුගේ ලකුණු ලබාගැනීම් සටහන් වන්නේ 18, 0, සහ 12 ක් ලෙසිනි. එහෙත් ඇෆ්ගනිස්ථානයට එරෙහිව පැවැති දෙවැනි තරගයේදී මැතිව්ස්ගේ ස්ථානය ලද සධීර සමරවික්‍රම, එදින ලකුණු 44 ක් ලබාගත් අතර ඔහු ඉදිරිපෙළ කඩුලු රකින්නකු ද වෙයි.

දකුණතින් වේග පන්දු යවන මතීෂ පතිරණ, සිය මංගල එක්දින තරගයේදීම ඇෆ්ඝනිස්ථානුවන් හමුවේ දරුණු ප්‍රහාරයකට (8.5-0-66-1) ලක්වු නමුත් ලෝක කුසලාන සුදුසුකම් තේරීමේ තරගාවලිය සඳහා, තේරීම කමිටුව ඔහු කෙරේ විශ්වාසය රඳවා තිබේ. මතීෂ තවමත් සහභාගි වී ඇත්තේ එකම එක්දින තරගයකට පමණි.

පා දඟ පන්දු යවන්නකු වන වනිඳු හසරංග කණ්ඩායමේ සිටියදීම නවක ක්‍රීඩක දුෂාන් හේමන්ත ද මෙම සංචිතයට ඇතුළත් වී සිටී.


ලෝක කුසලාන සුදුසුකම් තේරීමේ තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය
දසුන් ශානක (නායක), කුසල් මෙන්ඩිස් (උප නායක), දිමුත් කරුණාරත්න, පැතුම් නිස්සංක, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, සධීර සමරවික්‍රම, වනිඳු හසරංග, චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර, කසුන් රාජිත, ළහිරු කුමාර, මතීෂ පතිරණ, මහීෂ් තීක්‍ෂණ, දුෂාන් හේමන්ත

 

 

- 213


අදහස් (0)

දිමුත් - සධීර ඇතුළට එද්දී මැතිව්ස් ඉවතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.