Last Update  :  2025-12-29 19:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ද්‍රවිඩ සංගම් පිලට එරෙහිව මාධවගෙන් ශතකයක්

ද්‍රවිඩ සංගම් පිලට එරෙහිව මාධවගෙන් ශතකයක්

ශනුක අරවින්ද - 2013 දෙසැ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පී. සරවණමුත්තු ක‍්‍රීඩාංගණයේදී පැවැති, ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සංවිධානය කළ ප‍්‍රීමියර් එක්දින ක‍්‍රිකට් තරගාවලියේ අද (12 වැනිදා) පැවති තරගයේදී ද්‍රවිඩ සංගම් පිල පරදවා ලකුණු 103 කින් ජය ගැනීමට බ්ලූම්ෆීල්ඞ් පිල සමත්විය.

බ්ලූම්ෆීල්ඞ් පිල කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහරදුන් අතර පන්දුවාර 50 කදී කඩුලූ 8ක් ලකුණු 272 ක් රැස්කරගත්තේය. පන්දු 122 කදී හතරේ පහර 10 ක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 110 ක් ලබා ගනිමින් මාධව වර්ණපුර කණ්ඩායම් ලකුණු සංඛාව ඉහළ දැමීමට දායකවිය.

ලකුණු 273 ක ඉලක්කයක් හඹාගිය ද්‍රවිඩ සංගම් පිලට  ඕවර 39.1 කදී සියලූ දෙනාම දැවී ලබා ගතහැකි වුයේ ලකුණු 169 ක් පමණි. තිලකරත්න සම්පත් අර්ධ ශතකයක් ලබා ගත් අතර සුරාජ් රංදිව්, විශ්ව ප‍්‍රනාන්දු, චතුර රංදුනු, ඉම්රාන් ඛාන් සහ අනෝජ් කැටපේආරච්චි කඩුලූ 2 බැගින් දවා ගැනීමට සමත්විය.

බ්ලූම්ෆීල්ඞ්  ඕවර 50 කදී කඩුලූ 8ක් දැවී 272
(මාධව වර්ණපුර නොදැවී 110, නදීර නාවල 34, දිල්හාන් කුරේ 33, ඩිල්ශාන් මුණවීර 32, තිලකරත්න සම්පත් 62/3)

ද්‍රවිඩ සංගම් පිල  ඕවර 39.1 කදී සියලූ දෙනාම දැවී 169
(තිලකරත්න සම්පත් 52, අශෙන් සිල්වා 35, සුරාජ් රංදිව් 11/2, විශ්ව ප‍්‍රනාන්දු 31/2, චතුර රංදුනු 32/2, ඉම්රාන් ඛාන් 35/2, අනෝජ් කැටපේආරච්චි 38/2)

 


 


අදහස් (0)

ද්‍රවිඩ සංගම් පිලට එරෙහිව මාධවගෙන් ශතකයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.