Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(රොෂාන් ගුණරත්න)
දසුන් ශානකගේ (නොදැවී 55) සහ කමිල් මිශාරගේ (නොදැවී 46) වේගවත් පිතිහරඹයන් හමුවේ මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී ඊයේ (18 වැනිදා) පැවැති ආරාධිත විස්සයි20 තරගාවලියේ 8 වැනි තරගයේදී අශාන් ප්‍රියංජන්ගේ නායකත්වයෙන් යුත් ග්‍රීන්ස් පිලට එරෙහිව ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 4 ක ජයක් හිමිකර ගැනීමට ග්‍රේස් පිල සමත්විය.
ජයග්‍රහණය සඳහා ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ඕවර 10 කදී ලකුණු 135 ක ඉලක්කයක් ග්‍රීන්ස් පිලට හිමිවිය. නමුත් ඉනිම ආරම්භවී පන්දු 4 ක් යවන විටදී නැවතත් වර්ෂාව හේතුවෙන් තරගය නතර කරනවිට ග්‍රීන්ස් පිල කිසිවකු නොදැවී ලකුණු 20 ක් රැස්කර සිටියේය.
වර්ෂාවෙන් පසුව නැවතත් තරගය ආරම්භවූ නමුත් ග්‍රීන්ස් පිලෙන් ඕවර 2 ක් අහිමිවූ අතර ජයග්‍රහණය සඳහා ඔවුන්ට ලකුණු 111 ක ඉලක්කයක් හිමිවිය.
ඕවර 5.3 ක් අවසානයේ නැවතත් වර්ෂාව හේතුවෙන් තරගය නතර කිරීමට සිදුවන විට ග්‍රීන්ස් පිල කඩුලු 3 කට ලකුණු 69 ක් රැස්කර සිටියේය. නැවතත් තරගය ආරම්භ කිරීමට කාලවේලාවක් නොමැතිවීමත් තරගයේ ජයග්‍රාහකයා තීරණය කිරීමට අවශ්‍ය ඕවර සංඛ්‍යාව යවා තිබීමත් හේතුවෙන් තරගය අවසන් කිරීමට විනිසුරුවෝ තීරණය කළහ.
තරගය අවසන් කරන විට ග්‍රීන්ස් පිල ජයග්‍රහණයට ලකුණු 5 ක් පසුපසින් සිටීම හේතුවෙන් ඔවුන්ට තරගයේ පරාජය හිමිවිය.
ළහිරු උදාර පන්දු 10 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 33 ක් රැස්කරමින් සාර්ථක ආරම්භයක් ලබාගත් අතර පැතුම් නිස්සංක පන්දු 12 කදී හතරේ පහර 3 ක් සමගින් ලකුණු 21 ලබාගත්තද ජයග්‍රණයට එය ප්‍රමාණවත් නොවීය.
කාසියේ වාසිය දිනාගත් ග්‍රීන්ස් පිල පළමුව පන්දුවට පහරදීම සඳහා ග්‍රේස් පිලට ආරාධනා කළ අතර නියමිත ඕවර 10 අවසානයේ කඩුලු 3 ක් දැවී ලකුණු 137 ක් රැස්කිරීමට ඔවුන් සමත්වූහ. වර්ෂාව හේතුවෙන් තරග ආරම්භය පමාවූ අතර එක් ඉනිමක් ඕවර 13 කට සීමාවිය. නමුත් තරගයේ ඕවර 3.4 ක් යැවීමෙන් පසුව නැවතත් වර්ෂාව හේතුවෙන් තරගය නතර කිරීමට සිදුවීම නිසා ඉනිමක් ඕවර 10 කට සීමාවිය.
වේගවත් ආරම්භයක් ලබාගත් ලසිත් කෘස්පුල්ලේ (17) සහ කමිල් මිෂාර පළමු කඩුල්ල සඳහා පන්දු 13 කදී ලකුණු 32 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් සාර්ථක ආරම්භයක් ලබාගැනීමට සමත්වූහ.
ඉන්පසුව සිව්වැනි කඩුල්ල සඳහා පන්දු 38 කදී ලකුණු 94 ක නොබිඳුණු සම්බන්ධතාවයක් ගොඩනගමින් ග්‍රේස් පිලේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට කමිල් මිෂාර සහ දසුන් ශානක සමත්වූහ.
කමිල් මිශාර පන්දු 24 කදී හයේ පහරක් සහ හතරේ පහර 7 ක් සමගින් නොදැවී ලකුණු 46 ක් සහ දසුන් ශානක පන්දු 22 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 5 ක් සමගින් නොදැවී ලකුණු 55 ක් රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වූහ.
ග්‍රේස් පිල - ඕවර 10 කදී කඩුලු 3 ක් දැවී 137
(කමිල් මිශාර නොදැවී 46, දසුන් ශානක නොදැවී 55, විශ්ව ප්‍රනාන්දු 25/2)
ග්‍රීන්ස් පිල - ඕවර 5.3 කදී කඩුලු 3 ක් දැවී 69
(ළහිරු උදාර 33, පැතුම් නිස්සංක 21, චතුරංග ද සිල්වා 21/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.