Last Update  :  2025-05-04 21:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දසුන්ගේ ග්‍රේස් පිල අපරාජිතව පෙරමුණට

දසුන්ගේ ග්‍රේස් පිල අපරාජිතව පෙරමුණට

editorial - 2021 අගෝ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රොෂාන් ගුණරත්න)

ආරාධිත විස්සයි20 තරගාවලියේ පැවැති තරග හතරම ජයගත් දසුන් ශානක නායකත්වය දරන ග්‍රේස් පිල ප්‍රසාද ලකුණු 8 ක් හිමිකර ගනිමින් අපරාජිතව ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත් ව සිටී. 

ධනංජය ද සිල්වා නායකත්වය දරන බ්ලූස් පිල සහ දිනේෂ් චන්දිමාල් නායකත්වය දරන රෙඩ්ස් පිල තරග 2 ක් ජයගනිමින් ප්‍රසාද ලකුණු 4 බැගින් හිමිකර ගෙන සිටියද ශූද්ධ ලකුණු ලබාගැනීමේ වේගය මත බ්ලූස් පිල ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ පසුවන්නේය. රෙඩ්ස් පිල තෙවැනි ස්ථානයට පත්වී ඇත.

අෂාන් ප්‍රියංජන් නායකත්වය දරන ග්‍රීන්ස් පිල ඔවුන් සහභාගිවූ තරග හතරම පරාජයට පත්වී ඇත. ඒ අනුව ප්‍රසාද ලකුණු සටහනේ සිව්වැනි ස්ථානයේ පසුවන ග්‍රීන්ස් පිලෙන් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමේ අවස්ථාව ගිලිහී ගොස් ඇත.

මූලික වටයේ තවත් තරග 4 ක් ඉතිරිව ඇති අතර අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට ග්‍රේස්, බ්ලූස් සහ රෙඩ්ස් කණ්ඩායම් අතර තියුණු තරගයක් පවතී.

මූලික වටයේ තරග ඉරිදා (22 වැනිදා) අවසන් වීමට නියමිතව ඇති අතර අවසන් මහ තරගය 24 වැනිදා රාත්‍රී තරගයක් ලෙස මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව ඇත. 

 


අදහස් (0)

දසුන්ගේ ග්‍රේස් පිල අපරාජිතව පෙරමුණට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.