Last Update  :  2025-08-15 15:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දසුන් ශානකගේ පිතිහරඹය අපතේ යයි

දසුන් ශානකගේ පිතිහරඹය අපතේ යයි

editorial - 2019 නොවැ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන දහයයි10 ලීග් ක්‍රිකට් තරගාවලියේ නදර්න් වොරියර්ස් කණ්ඩායම සහ මාරතා ඇරබියන්ස් කණ්ඩායම අතර ඊයේ (15 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 9 ක ජයක් අත්කර ගැනීමට නදර්න් වොරියර්ස් කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 89 ක ඉලක්කයක් හඹාගිය නදර්න් වොරියර්ස් ක්‍රීඩකයෝ ඕවර 7 ක් අවසනායේ එක් කඩුල්ලක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. එහිදී ප්‍රවේගකාරී පිතිහරඹයක නිතර වූ ඔන්ඩි්‍ර රසල් පන්දු 24 කදී ලකුණු 58 ක් රැස්කළේ හයේ පහර 6 ක් සහ හතරේ පහර 4 ක් සමගිනි.

සෑම් බිලින්ස්ගේ (1) දැවී යෑමෙන් අනතුරුව ආරම්භක පිතිකරු ජෝජ් මුන්සේ (නොදැවී 24) සමග එක්වූ රසල්, දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 29 කදී ලකුණු 79 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනගමින් වොරියර්ස් කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය. පන්දු 16 කදී වාර්තා වූ මුන්සේගේ ඉනිමට හතරේ පහර 5 ක් ඇතුළත් විය.

එහිදී නායක ඞ්වේන් බ්‍රාවෝ ලකුණු 22 කට කඩුල්ලක් දවාගත් අතර මාරතා ඇරබියන්ස් කණ්ඩායමේ ආරම්භක පන්දු යවන්නා වූ ලසිත් මාලිංගගේ ඕවර 2 තුළදී ලකුණු 23 ක් රැස්කිරීමට වොරියර්ස් කණ්ඩායමේ පිතිකරුවෝ සමත් වූහ.

පළමුවෙන් පන්දුවට පහරදුන් මාරතා ඇරබියන්ස් කණ්ඩායමට ඕවර 10 අවසානයේ කඩුලු 6 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 88 ක් පමණි. එහිදී වේගවත් පිතිහරඹයක නිතර වූ දසුන් ශානක පන්දු 19 කදී නොදැවී ලකුණු 37 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමගිනි.

ආරම්භක පිතිකරුවන් වූ ඇඩම් ලේත් (0) සහ ක්‍රිස් ලයන් (4) අඩු ලකුණු සංඛ්‍යාවන්ට දැවී යද්දී තෙවැනි පිතිකරු ලෙස පිටියට පිවිසි චැඞ්වික් වෝල්ටන් පන්දු 17 කදී හතරේ පහර 5 ක් සමග ලකුණු 24 ක් රැස්කළේය. ජේම්ස් ෆෝක්නර් පන්දු 10 කදී හතරේ පහර 2 ක් සමගින් ලකුණු 13 ක් ලබාගත්තේය.

ඇරබියන්ස් ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම සඳහා අනගි පන්දු යැවීමක නිතර වූ ඔන්ඩි්‍ර රසල් ලකුණු 12 කට කඩුලු 2 ක්ද, ක්‍රිස් වුඞ් ලකුණු 18 කට කඩුලු 2 ක්ද දවාගත් අතර නුවන් ප්‍රදීප් කඩුල්ලක් දවාගත්තේ ප්‍රතිවාදීන්ට ලකුණු 22 ක් ලබා දෙමිනි.


මාරතා ඇරබියන්ස් පිල - ඕවර 10 කදී කඩුලු 6 ක් දැවී 88
(චැඞ්වික් වෝල්ටන් 24, දසුන් ශානක නොදැවී 37, ජේම්ස් ෆෝක්නර් 13, ඔන්ඩි්‍ර රසල් 12/2, ක්‍රිස් වුඞ් 18/2)

නදර්න් වොරියර්ස් පිල - ඕවර 7 කදී කඩුල්ලක් දැවී 91
(ජෝජ් මුන්සේ නොදැවී 24, ඔන්ඩි්‍ර රසල් නොදැවී 58)

-036

 


අදහස් (0)

දසුන් ශානකගේ පිතිහරඹය අපතේ යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.