Last Update  :  2024-04-27 18:06:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දසුන් ශානක ස්ථානය රැකගනී

දසුන් ශානක ස්ථානය රැකගනී

editorial - 2024 පෙබ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය) 

ශ්‍රී ලංකාව සහ ඇෆ්ඝනිස්ථානය අතර ලබන 17 වැනිදා දඹුල්ලේදී ආරම්භ වන විස්සයි-20 තරගාවලියේදී ශ්‍රී ලංකා සංචිතයට හිටපු නායක දසුන් ශානක ඇතුළත් කර තිබේ. අසාර්ථක වීමේ හේතුව මත ඔහු එක්දින සංචිතයෙන් හැළී ගිය නමුත් විස්සයි-20 තරග අතරේ දසුන් සිය ස්ථානය රඳවාගෙන සිටී. 

සිම්බාබ්වේ පිලට එරෙහිව පැවැති දෙවැනි තරගයේදී නොදැවී ලකුණු 26 ක් ලබාගනිමින් කණ්ඩායම ජයග්‍රහණය කරවූ දසුන් ශානක, පසුගිය වසර පුරාම විස්සයි-20 තරග වලදී ලකුණු 172.94 ක ප්‍රහාරාත්මක වේගයක් රඳවාගෙන සිටී. ඔහු පන්දුවට පහර දීමට පැමිණෙන ස්ථානය අනුව දිගු ඉනිමකට යාමේ අවකාශ නැතත්, පන්දු යවන්නකු වශයෙන් අවස්ථානුකුළව ප්‍රයෝජන ගත හැකි බැවින් දසුන්ට තවමත් විස්සයි-20 කණ්ඩායමෙ දොරටු විවර වී තිබේ. 

එක්දින සංචිතයේ නොසිටි ක්‍රීඩකයන් වන ධනංජය ද සිල්වාත්, කුෂල් ජනිත් පෙරේරාත් විස්සයි-20 සංචිතයට ඇතුළත් කරනු ලැබ සිටිති. මේ අතර දුෂ්මන්ත චමීරගේ ස්ථානය බිනුර ප්‍රනාන්දුට පිරිනමා ඇත. පල්ලෙකැළේදී පැවැති පළමු එක්දින තරගයේදී පාදයේ කලව මස්පිඬුවේ ආබාධයකට ලක්වූ දුෂ්මන්ත චමීර තවමත් ඊට ප්‍රතිකාර ලබන හෙයින් ඔහුට විස්සයි-20 තරගාවලිය අහිමි වී තිබේ. 

ශ්‍රී ලංකාව සහ ඇෆ්ඝනිස්ථානය අතර විස්සයි-20 තරගාවලිය මේ මස 17, 19 සහ 21 දිනවලදී රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. සියලුම තරග රාත්‍රී 7.00 ට ආරම්භ කෙරේ. 


ශ්‍රී ලංකා විස්සයි-20 සංචිතය 
වනිඳු හසරංග (නායක), චරිත් අසලංක (උපනායක), පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, කුසල් ජනිත් පෙරේරා, ඇන්ජලෝ මැතිව්ස්, දසුන් ශානක, මහීෂ් තීක්‍ෂණ, බිනුර ප්‍රනාන්දු, මතීෂ පතිරණ, ඩිල්ෂාන් මධුශංක, නුවන් තුෂාර, අකිල ධනංජය, කමිඳු මෙන්ඩිස් සහ සධීර සමරවික්‍රම


අදහස් (0)

දසුන් ශානක ස්ථානය රැකගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.