Last Update  :  2024-04-27 19:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දසුන්ගේ ශතකය කොළඹ පිල ඔසවා තබයි
ජාතික සුපිරි ලීගය

දසුන්ගේ ශතකය කොළඹ පිල ඔසවා තබයි

editorial - 2024 මාර් මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 (ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ජාතික සුපිරි ලීග සිවුදින ක්‍රිකට් තරගාවලියේ මහනුවර කණ්ඩායම සහ කොළඹ කංංණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන සිවුදින තරගයේ පළමු දිනය වූ අද (28 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට පන්දුවට පහරදෙමින් සිටි කොළඹ කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 8 ක් දැවී ලකුණු 330 ක් ලබා සිටියේය. 

එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ දසුන් ශානක හතරේ පහර 14 ක් සමග ලකුණු 110 ක් රැස්කළ අතර හිමාෂ ලියනගේ (46) සමග එක්ව 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 118 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද දසුන් සමත් විය. හිමාෂගේ ඉනිම හයේ පහරක් සහ හතරේ පහර 2 කින් සමන්විත විය. 

පළමු දිනය අවසන් වන විට පන්දුවට පහර දෙමින් සිටි නිසල තාරක හතරේ පහර 2 ක් සමග ලකුණු 21 ක්ද, තරිදු රත්නායක හතරේ පහර 2 ක් සමග ලකුණු 16 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ. දුනිත් වෙල්ලාලගේ ලකුණු 37 ක් ලබාගත්තේ හතරේ පහර 5 ක් සමගිනි. 


කොළඹ පළමු ඉනිම - කඩුලු 8 ක් දැවී 330 
(නිපුන් ධනංජය 31,  ප්‍රියමාල් පෙරේරා 27, දසුන් ශානක 110, හිමාෂ ලියනගේ 46, දුනිත් වෙල්ලාලගේ 37, නිසල තාරක නොදැවී 21, තරිඳු රත්නායක නොදැවී 16, සිතුම් දිසානායක 58/3, නිම්සර අතරගල්ල 52/2) 


අදහස් (0)

දසුන්ගේ ශතකය කොළඹ පිල ඔසවා තබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.