අන්තර් පළාත් 23 න් පහළ ක්‍රිකට් තරගාවලියේ අද (28 වැනිදා) අවසන්වූ තරගයකදී ඌව පළාත් කණ්ඩායමට එරෙහිව පළමු ඉනිමේ ජයක් හිමිකර ගැනිමට දකුණු පළාත් කණ්ඩායම සමත් විය.
දකුණු පළාත් කණ්ඩායම නියෝජනය කරන ඩිල්ශාන් ද සොයිසා (100) ශතකයක් රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වීය. ඌව පළාත් කණ්ඩායමේ හර්ෂ රාජපක්ෂ (88 සහ නොදැවී 51) ඉනිම දෙකෙහිදීම අර්ධ ශතක රැස්කිරීමට සමත් වූයේය.
ඌව පළාත - පළමු ඉනිම - ඕවර 76 කදී සියලුදෙනා දැවී 198
(හර්ෂ රාජපක්ෂ 88, මීදුම් දිනෙත් 26, රමේෂ් මෙන්ඩිස් 53/4, චරිත් අසලංක 17/2, තිලංග උදීශන 48/2)
දකුණු පළාත - පළමු ඉනිම - ඕවර 95 කදී සියලුදෙනා දැවී 261
(ඩිල්ශාන් ද සොයිසා 100, පසිඳු ඉසිර 35, දුලාෂ් උදයංග 24, ඉවංක සංජුල 62/3, හර්ෂ රාජපක්ෂ 39/3)
ඌව පළාත - දෙවැනි ඉනිම - ඕවර 29 කදී කඩුලු 4 ක් දැවී 128
(හර්ෂ රාජපක්ෂ නොදැවී 51, යෙෂාන් වික්‍රමාරාච්චී 36, ලිසුල ලක්ෂාන් 25, චරිත් අසලංක 21/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.