Last Update  :  2025-05-14 21:20:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දකුණු අප්‍රිකාවට ලකුණක තියුණු ජයක්

දකුණු අප්‍රිකාවට ලකුණක තියුණු ජයක්

editorial - 2021 ජුනි මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කුයින්ටන් ඩි‘කොක්ගේ (72) පිතිහරඹයත්, තාබ්‍රේස් ශම්සිගේ (13/2) දක්ෂ පන්දු යැවීමත් හේතුවෙන් බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව ශාන්ත ජෝන්හි ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (29 වැනිදා) පැවැති තෙවැනි විස්සයි20 තරගයේදී ලකුණක තියුණු ජයක් ලබාගැනීමට දකුණු අප්‍රිකාව සමත්විය. ඒ අනුව තරග 5 කින් සමන්විත විස්සයි20 තරගාවලිය 2-1 ක් ලෙස පෙරමුණ ගැනීමටද දකුණු අප්‍රිකාවට හැකිවිය.

කාසියේ වාසිය දිනු බටහිර ඉන්දීය කොදෙව් පිල පළමුව පන්දුවට පහරදීම සඳහා දකුණු අප්‍රිකාවට ආරාධනා කළ අතර ඕවර 20 අවසානයේදී කඩුලු 8 ක් දැවී ලකුණු 167 ක් රැස්කිරීමට ඔව්හු සමත්වූහ.

ආරම්භක පිතිකරු කුයින්ටන් ඩි‘කොක් පන්දු 51 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 72 ක් රැස්කරමින් දකුණු අප්‍රිකානු ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට සමත්විය. රාසි වැන්ඩර්ඩසන් ලකුණු 32 ක් සහ ඒඩ්න් මාක්‍රම් ලකුණු 23 ක් ලබාගැනීමට සමත්වූහ.

ඔබෙඩ් මැකොයි ලකුණු 22 කට කඩුලු 4 ක් සහ ඩ්වයින් බ්‍රාවෝ ලකුණු 25 කට කඩුලු 3 ක් දවාගනිමින් බටහිර ඉන්දීය කොදෙව් පිල වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරතවූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 168 ක ඉලක්කයක් හඹාගිය බටහිර ඉන්දීය කොදෙව් පිලට ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 166 ක් පමණි.

ජයග්‍රහණය සඳහා කොදෙව් පිලට අවසන් ඕවරයේදී ලකුණු 15 ක් ලබාගැනීමට අවශ්‍ය වුවද පන්දු යැවූ ඇන්රිච් නෝයේ එම ඕවරය ලකුණු 13 කට සීමාකරමින් දකුණු අප්‍රිකාවට ජයග්‍රහණය ගෙන දීමට සමත්විය.

බටහිර ඉන්දීය කොදෙව් පිතිකරුවන්ට ලකුණු 30 සීමාව පසුකිරීමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නන්ගෙන් අවස්ථාවක් හිමිනොවූ අතර එවින් ලෙවිස් ලකුණු 27ක්, ලෙන්ඩල් සිමන්ස් ලකුණු 22ක්, නිකලස් පූරන් ලකුණු 26ක් සහ ඔන්ඩි්‍ර රසල් ලකුණු 25 ක් ලබාගැනීමට සමත්වූහ.

තරගයේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය දිනාගත් තාබ්‍රේස් ශම්සි දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් සිය ඕවර 4 ලකුණු 13 කට සීමාකරමින් කඩුලු 2 ක් දවාගත්තේය. ඇන්රිච් නෝයේ ලකුණු 29 කට කඩුලු 2 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.


දකුණු අප්‍රිකාව - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 167
(කුයින්ටන් ඩි‘කොක් 72, ඒඩ්න් මාක්‍රම් 23, රාසි වැන්ඩර්ඩසන් 32, ඔබෙඩ් මැකොයි 22/4, ඩ්වයින් බ්‍රාවෝ 25/3)

බටහිර ඉන්දීය කොදෙව් - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී 166
(එවින් ලෙවිස් 27, ලෙන්ඩල් සිමන්ස් 22, නිකලස් පූරන් 26, ඔන්ඩි්‍ර රසල් 25, තාබ්‍රේස් ශම්සි 13/2, ඇන්රිච් නෝයේ 29/2)

- 2079


අදහස් (0)

දකුණු අප්‍රිකාවට ලකුණක තියුණු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.