Last Update  :  2024-04-27 19:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දකුණු අප්‍රිකාව අසීරු අඩියක

දකුණු අප්‍රිකාව අසීරු අඩියක

editorial - 2024 පෙබ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර නවසීලන්තයේ මවුන්ට් මන්ගනුයි නුවර බේ ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (5 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට පන්දුවට පහර දෙමින් සිටි දකුණු අප්‍රිකාව ලකුණු 80 කට කඩුලු 4 ක් බිඳවැටී අසීරු තත්ත්වයකට පත්ව සිටියේය. 

දෙවැනි දිනය අවසානයේ දකුණු අප්‍රිකාව කඩුලු 6 ක් අතැතිව නවසීලන්තයට වඩා තවත් ලකුණු 431 ක් පසුපසින් සිටි අතර ඒ වන විට ඬේවිඞ් බෙඩිංග්හැම් හතරේ පහර 5 ක් සමග ලකුණු 29 ක්ද, කීගන් පීටර්සන් ලකුණු 2 ක්ද ලබා නොදැවී කඩුල්ලලේ රැදී සිටියහ. දකුණු අප්‍රිකානු ඉනිමේ බිඳවැටුණු කඩුලු 4 න් 2 කට හිමිකම් කීමට කයිල් ජැමීසන් සමත් විය. 

තරගයේ පළමු දිය වූ ඊයේ (4 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට කඩුලු 2 ක් දැවී ලකුණු 258 ක් ලබා සිටි නවසීලන්ත කණ්ඩායම, අද දිනයේ සිය පළමු ඉනිම සඳහා තවත් ලකුණු 253 ක් එක්කර ගත්තේය. එහිදී අගනා ද්විත්ව ශතකයක් ලබාගැනීමට රචින් රවින්ද්‍ර (240) සමත් වූ අතර ඔහුගේ ඉනිමට හයේ පහර 3 ක් සහ හතරේ පහර 26 ක් ඇතුළත් විය. 


නවසීලන්ත පළමු ඉනිම - සියලු දෙනා දැවී 511
(ටොම් ලේතම් 20, කේන් විලියම්සන් 118, රචින් රවින්ද්‍ර 240, ඩර්ලි මිචෙල් 34, ග්ලේන් පිලිප්ස් 39, මැතිව් හෙන්රි 27, නීල් බ්‍රෑන්ඞ් 119/6, රෝන් ඩි’ ස්වාර්ඞ්ට් 61/2) 

දකුණු අප්‍රිකානු පළමු ඉනිම - කඩුලු 4 ක් දැවී 80
(එඞ්වඞ් මෝරෙ 23, සුබේර් හම්සා 22, ඬේවිඞ් පීටර්සන් නොදැවී 29) 

-036 


අදහස් (0)

දකුණු අප්‍රිකාව අසීරු අඩියක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.