Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාව සමගින් ලබන මස පැවැත්වීමට නියමිත එක්දින සහ විස්සයි20 තරගාවලි සඳහා එක්වන දකුණු අප්‍රිකානු සංචිතය එරට ක්‍රිකට් ආයතනය විසින් අද (12 වැනිදා) නිකුත් කරනු ලැබීය. දකුණු අප්‍රිකානු කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ටෙම්බා බව්මාට හිමිවී ඇත.
සැප්තැම්බර් 2 වැනිදා සිට 14 වැනිදා දක්වා කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියක් සහ තරග 3 කින් සමන්විත විස්සයි20 තරගාවලියක් පැවැත්වේ.
කුයින්ටන් ඩි‘කොක් සහ ඩේවිඩ් මිලර් එක්දින තරඟාවලියේදී විවේක ගන්වා ඇති නමුත් විස්සයි20 තරගාවලියට ඔවුන් එක්වීමට නියමිතය. අයර්ලන්ත තරගාවලියේදී කළව ප්‍රදේශයේ නහරයක ඇති වූ ආබාධයකින් සුවය ලබමින් සිටින මිලර් සැප්තැම්බර් 10 දා ආරම්භ වන විස්සයි20 තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ඇත.
බටහිර ඉන්දීය කොදෙව් සහ අයර්ලන්ත සංචාර අහිමි වූ ඩ්වේන් ප්‍රිටෝරියස් නැවත පැමිණීමට නියමිත අතර එක්දින සහ විස්සයි20 සංචිත දෙකටම ඔහුව නම් කර තිබේ. පෞද්ගලික හේතුවක් මත එක්දින තරගාවලියෙන් ඉවත්වී ඇති ලුන්ගි න්ගිඩි වෙනුවට ජූනියර් ඩාලා නම්කර ඇත. 2018 දී දකුණු අප්‍රිකානු කණ්ඩායම සඳහා අවසන් වරට එක්දින තරගයකට ජූනියර් ඩාලා ක්‍රීඩාකර ඇත.
ඔක්තෝබර් මාසයේදී පැවැත්වීමට නියමිත අයි.සී.සී විස්සයි20 ලෝක කුසලානය සඳහා සිය සූදානම පරීක්ෂා කර ගැනීම සඳහා කණ්ඩායම් දෙකටම මෙම විස්සයි20 තරගාවලිය වැදගත් වනු ඇත.
මෙම මාසය අවසානයේදී ශ්‍රී ලංකාව බලා යන කණ්ඩායම් ප්‍රකාශයට පත් කිරීම ගැන තේරීම් කමිටුව සතුටු වන බව දකුණු අප්‍රිකානු තේරීම් කමිටු කැඳවුම්කරු වික්ටර් එම්පිට්සාං මහතා පැවසීය.
”බටහිර ඉන්දීය කොදෙව් සහ අයර්ලන්තයේදී පැවැති සීමිත ඕවර තරගාවලියන්හී ජයග්‍රහණයන්ගෙන් පසුව, ඔවුන්ට නැවත ක්‍රියාත්මක වීමට සහ මේ වසර අවසානයේදී පැවැත්වීමට නියමිත අයි.සී.සී විස්සයි20 ලෝක කුසලානය සඳහා ඔවුන්ගේ සූදානම්වීම් අඛණ්ඩව කරගෙන යාමට ලැබීම ගැන අපි සතුටු වෙනවා.”
දකුණු අප්‍රිකානු එක්දින සංචිතය
ටෙම්බා බවුමා (නායක), ජූනියර් ඩාලා, බියුරන් හෙන්ඩි්‍රක්ස්, රීසා හෙන්ඩි්‍රක්ස්, හෙන්රිච් ක්ලාසන්, ජෝර්ජ් ලින්ඩේ, ජානේමාන් මාලන්, කේෂව් මහරාජ්, ඒඩ්න් මාක්‍රම්, වියාන් මල්ඩර්, ඇන්රිච් නෝයේ, ඇන්ඩ්ල් පෙලුක්වායෝ, ඩ්වයින් ප්‍රිටෝරියස්, කගිසෝ රබාඩා, තබ්‍රේස් ශම්සි, රාසී වැන්ඩර් ඩසන්, කයිල් වෙරෙයින්, ලිසාඩ් විලියම්ස්.
දකුණු අප්‍රිකානු විස්සයි20 සංචිතය
ටෙම්බා බවුමා (නායක), කුයින්ටන් ඩි‘කොක්, ජෝන් ෆෝචූන්, බියුරන් හෙන්ඩි්‍රක්ස්, රීසා හෙන්ඩි්‍රක්ස්, හෙන්රිච් ක්ලාසන්, ජෝර්ජ් ලින්ඩේ, කේෂව් මහරාජ්, සිසන්ඩා මගලා, ඒඩ්න් මාක්‍රම්, ඩේවිඩ් මිලර්, වියාන් මල්ඩර්, ලුන්ගි න්ගිඩි, ඇන්රිච් නෝයේ, ඩ්වයින් ප්‍රිටෝරියස්, කගිසෝ රබාඩා, තබ්‍රේස් ශම්සි, රාසී වැන්ඩර් ඩසන්, ලිසාඩ් විලියම්ස්.
තරග කාලසටහන
සැප්තැම්බර් 2 - පළමු එක්දින තරගය, ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී
සැප්තැම්බර් 4 - දෙවනි එක්දින තරගය, ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී
සැප්තැම්බර් 7 - තෙවැනි එක්දින තරගය, ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී
සැප්තැම්බර් 10 - පළමු විස්සයි20 තරගය, ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී
සැප්තැම්බර් 12 - දෙවැනි විස්සයි20 තරගය, ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී
සැප්තැම්බර් 14 - තෙවැනි විස්සයි20 තරගය, ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.