Last Update  :  2025-12-25 10:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දකුණු අප්‍රිකාවට කඩුලු 6 ක ජයක්

දකුණු අප්‍රිකාවට කඩුලු 6 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2017 සැප් මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රෙඞ්බුල් ආයතනය සංවිධානය කරන විශ්ව විද්‍යාල ක්‍රිකට් ලෝක ශූරතා තරගාවලියේදී ඕස්ට්ටේ්‍රලියාවේ සිඞ්නි විශ්ව විද්‍යාලයට එරෙහිව කඩුලු 6 ක ජයක් හිමිකර ගැනීමට දකුණු අප්‍රිකාවේ ප්‍රිටෝරියා විශ්ව විද්‍යාලය අද (10 වැනිදා) සමත්විය. මෙම තරගය පී.සරවණමුත්තු  ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

දකුණු අප්‍රිකාවේ ප්‍රිටෝරියා විශ්ව විද්‍යාලයේ ජානේමාන් මාලන් (නොදැවී 67) පිත්තෙන් දස්කම් දක්වමින් අර්ධ ශතකයක් ලබාගත් අතර රූන් හාස්බ්‍රෝක් සහ ඩිලන් මැතිව්ස් කඩුලු 3 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

සිඞ්නි විශ්ව විද්‍යාලය කණ්ඩායම වෙනුවෙන් තුන් ඉරියම් දස්කම් දැක්වූ හේඞ්න් කර් (73) අර්ධ ශතකයක් රැස්කරමින් පිත්තෙන්ද ලකුණු 33 කඩුලු 2 ක් දවාගනිමින් පන්දුවෙන්ද දස්කම් දැක්වීය.


සිඞ්නි විශ්ව විද්‍යාලය - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 157
(හේඞ්න් කර් 73, රූන් හාස්බ්‍රෝක් 13/3, ඩිලන් මැතිව්ස් 22/3)


ප්‍රිටෝරියා විශ්ව විද්‍යාලය - ඕවර 17.3 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 159
(විහන් ලූබ් 44, ජානේමාන් මාලන් නොදැවී 67, හේඞ්න් කර් 33/2)

 


අදහස් (0)

දකුණු අප්‍රිකාවට කඩුලු 6 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.