Last Update  :  2025-05-14 14:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දකුණු අපි‍්‍රකානු ලකුණු දඩයම 552 න් නවතී

දකුණු අපි‍්‍රකානු ලකුණු දඩයම 552 න් නවතී

දිලිනි මල්රුක්ෂි - 2014 දෙසැ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් පිල සහ දකුණු අපි‍්‍රකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වන අද (18 වැනිදා) සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 5 ක් දැවී ලකුණු 552 ක් ලබා සිටි දකුණු අපි‍්‍රකාව, ඉනිම අත්හිටුවා පන්දුවට පහරදීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් පිලට ආරාධනා කළේය. වර්ෂාව නිසා තරගය තේ විවේකයෙන් පසුව ආරම්භ කිරීමට නොහැකි විය.

අද දිනයේදී තම ටෙස්ට් දිවියේ තෙවැනි ඉහළම ලකුණු සංඛ්‍යාව (208) රැස්කිරීමට දකුණු අපි‍්‍රකානු පිලේ නායක හෂීම් අම්ලා සමත් වූ අතර ඔහුගේ ද්විත්ව ශතකයට හතරේ පහර 22 ක් ඇතුළත් විය. ඒ. බී. ඩිවිලියර්ස් හයේ පහර 2 ක් සහ හතරේ පහර 16 ක් සමගින් ලකුණු 152 ක් ලබා සිටියදී සුලෙයිමන් බෙන්ගේ පන්දුවක් හමුවේ ජර්මේන් බ්ලැක්වුඞ්ට උඩ පන්දුවක් දෙමින් දැවී ගියේය.

අම්ලා සහ ඩිවිලියර්ස් එක්ව දකුණු අපි‍්‍රකාව ඉනිමේ සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ සම්බන්ධතාව ලකුණු 308 කි. මෙය ඩිවිලයර්ස්ගේ 20 වැනි ටෙස්ට් ශතකය වන අතර අම්ලාගේ 23 වැනි ශතකය වේ.

තම මංගල ටෙස්ට් තරගයට සහභාගී වූ ස්ටේන් වැන් සිල් එහිදී ශතකයක් ලබාගනිමින් දකුණු අපි‍්‍රකාව වෙනුවෙන් එවැනි දස්කමක් කළ සිව්වැනි කී‍්‍රඩකයා බවට පත්විය. ඔහුට පෙර දකුණු අපි‍්‍රකාව වෙනුවෙන් මෙවන් දස්කමක් කර ඇත්තේ ජැක් රුඩොල්ෆ් (222*), ඇල්විරෝ පීටර්සන් (100) සහ ෆෆ් ඩුප්ලෙසී (110*) යන කී‍්‍රඩකයන් පමණි.

දකුණු අපි‍්‍රකානු පිලේ පස්වැනි කඩුල්ල වෙනුවෙන් අම්ලා සමග එක්ව ලකුණු 155 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද ස්ටේන් වැන් සිල් සමත් විය.

දකුණු අපි‍්‍රකාවේ සෙන්චූරියන්හි ‘සුපර් ස්පෝර්ට් පාර්ක්’ කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනූ බටහිර ඉන්දීය කොදෙව් පිල පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා දකුණු අපි‍්‍රකානු පිලට ආරාධනා කළේය.

දකුණු අපි‍්‍රකානු පිල පළමු ඉනිම - කඩුලූ 5 ක් දැවී 552
(ඇල්විරෝ පීටර්සන් 27, ඞීන් එල්ගා 28, හෂීම් අම්ලා 208, ඒ. බී. ඩිවිලියර්ස් 152, ස්ටේන් වැන් සිල් නොදැවී 101, ක්වින්ටින් ඩිකොක් නොදැවී 18, කේමර් රෝච් 52/2, සුලෙයිමන් බෙන් 148/2)

-036

 


අදහස් (0)

දකුණු අපි‍්‍රකානු ලකුණු දඩයම 552 න් නවතී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.