Last Update  :  2025-12-29 19:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දික්වැල්ල - වීරක්කොඩි එන්.සී.සී පිලට ජය ගෙනෙයි

දික්වැල්ල - වීරක්කොඩි එන්.සී.සී පිලට ජය ගෙනෙයි

ශනුක අරවින්ද - 2013 දෙසැ මස 12 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සංවිධානය කරන ප‍්‍රීමියර් එක්දින ක‍්‍රිකට් තරගාවලියේ අද (12 වැනිදා) පැවති තරගයේදී එස්.එස්.සී පිල පරදවා කඩුලූ 7 කින් ජය ගැනීමට එන්.සී.සී පිල සමත්විය. තරගය එස්.එස්.සී ක‍්‍රීඩාංගණයේදී පැවැත්විණ.

එන්.සී.සී පිල කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහරදීමට එස්.එස්.සී පිලට ආරාධනා කළ අතර  ඕවර 44.5 කදී සියලූ දෙනාම දැවී ලබා ගතහැකිවුයේ ලකුණු 206 ක් පමණි. කෞශාල් සිල්වා (76) අර්ධ ශතකයක් ලබාගත් අතර ඇන්ජලෝ පෙරේරා ලකුණු 8 කට කඩුලූ 4 ක් දවා ගැනීමට සමත්විය.

ලකුණු 207 ක ඉලක්කයක් හඹාගිය එන්.සී.සී පිල  ඕවර 34.1 කදී කඩුලූ 3ක් පමණක් දැවී තම ඉලක්කය සපුරා ගැනීමට සමත්විය. නිරෝෂන් දික්වැල්ල (86) සහ සදුන් වීරක්කොඩි (නොදැවී 79) අර්ධ ශතක ලබා ගැනීමට සමත්විය.

එස්.එස්.සී  ඕවර 44.5 කදී සියලූ දෙනාම දැවී 206
(කෞශාල් සිල්වා 76, දිමුත් කරුණාරත්න 34, ඇන්ජලෝ පෙරේරා 8/4, තරිඳු කෞශාල් 26/2, ළහිරු මදුශංක 34/2, ෆර්වීස් මහරූෆ් 47/2)

එන්.සී.සී  ඕවර 34.1 කදී කඩුලූ 3ක් දැවී 207
(නිරෝෂන් දික්වැල්ල 86, සදුන් වීරක්කොඩි නොදැවී 79, චරිත් ජයම්පති 55/3)


 


අදහස් (1)

දික්වැල්ල - වීරක්කොඩි එන්.සී.සී පිලට ජය ගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.