Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ තර්ස්ටන් විදුහල් ‘බී’ කණ්ඩායම සහ කොට්ටාව ආනන්ද විදුහල් ‘ඒ’ කණ්ඩායම අතර තර්ස්ටන් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ තරගයෙන් ලකුණු 41 ක ජයක් අත්කර ගැනීමට තර්ස්ටන් විදුහල් ‘බී’ කණ්ඩායම සමත් විය.
වර්ෂාව නිසා තරගයේ ඉනිමක් ඕවර 24 කට සීමා කෙරුණ අතර ජයග්‍රහණය සඳහා ලකුණු 156 ක ඉලක්කයක් හඹාගිය ආනන්ද විදුහල් ‘ඒ’ කණ්ඩායමට එහිදී කඩුලු 8 ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 114 ක් පමණි.
තර්ස්ටන් විදුහල් ‘බී’ කණ්ඩායම වෙනුවෙන් අර්ධ ශතකයක් ලබාගත් තිහාන් දිල්මින් (නොදැවී 57), ලකුණු 13 කට කඩුලු 4 ක් දවාගනිමින් පන්දුවෙන්ද දස්කම් දැක්වීය.
තර්ස්ටන් විදුහල් ‘බී’ කණ්ඩායම - ඕවර 24 කදී කඩුලු 5 ක් දැවී 155
(තිහාන් දිල්මින් නොදැවී 57, සුරම් පෙරේරා 36, දිනෙත සිරිවර්ධන 25, තරිඳු මඳුරංග 34/2)
ආනන්ද විදුහල් ‘ඒ’ කණ්ඩායම - ඕවර 24 කදී කඩුලු 8 ක් දැවී 144
(තරිඳු මඳුරංග 55, තිහාන් දිල්මින් 13/4, චත්‍ර සෙනෙවිරත්න 19/2)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.