Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ද මැසනඞ් කඩුලූ 4 කින් නාලන්දාව පරදවයි

ද මැසනඞ් කඩුලූ 4 කින් නාලන්දාව පරදවයි

සංජය එරමුදුගොඩ - 2013 ඔක් මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19න් පහළ ලීග් ක‍්‍රිකට් තරගාවලියේ I වැනි කොටසේ තරගයකදී නාලන්ද විද්‍යාලයට එරෙහිව කඩුලූ 4 ක ජයක් ලැබීමට කඳාන ද මැසනඞ් විද්‍යාලය ඊයේ (04 වැනිදා) සමත්විය. මෙම තරගය ද මැසනඞ් විද්‍යාලීය ක‍්‍රීඩාංගණයේදී පැවැත්විණි.

කාසියේ වාසිය දිනාගත් ද මැසනඞ් විද්‍යාලය මුලින්ම පන්දුවට පහරදීමට නාලන්ද විද්‍යාලයට ආරාධනා කළ අතර නාලන්දාවට සියලූ දෙනා දැවී ලබා ගතහැකිවුයේ ලකුණු 123 ක් පමණි. ප‍්‍රමුත් හෙට්ටිවත්ත නොදැවී ලකුණු 50 ක් රැස්කරගත් අතර ශාලූක දීමන්ත සහ ළහිරු වික‍්‍රමසිංහ කඩුලූ 4 බැගින් ලබා නාලන්ද විද්‍යාලය අඩු ලකුණු සංඛ්‍යවකට සීමාකිරීමට සමත්විය.

ද මැසනඞ් විද්‍යාලය පළමු ඉනිමේදී ලකුණු 177 කට සියලූ දෙනා දැවී ගියේය. ළහිරු වික‍්‍රමසිංහ අර්ධ ශතකයක් ලබාගනිමින් සාර්ථක වුවද නාලන්දාවේ මාලිංග අමරසිංහ කඩුලූ 56 ක් දවාගනිමින් අනෙක් පිතිකරු අසාර්ථක කිරීමට සමත් විය. කෙසේ වෙතත් දෙවැනි ඉනිමේදීත් නාලන්ද පිතිකරුවන්ට සාර්ථක වීමට අවස්ථාවක් නොදීමට ශාලූක දීමන්ත සහ ළහිරු වික‍්‍රමසිංහ වග බලාගත්හ.

ලකුණු 85 ක ඉලක්කයක් හඔ ගිය ද මැසනඞ් විද්‍යාලය කඩුලූ 6 ක් දැවී ලකුණු 86 ක් ලබා ගනිමින් තම ජයග‍්‍රහණය වාර්තා කිරීමට සමත්විය.


නාලන්ද විදුහල පළමු ඉනිම  ඕවර 44.4 කදී සියලූ දෙනා දැවී 123
(ප‍්‍රමුත් හෙට්ටිවත්ත නොදැවී 50, වොෂාන්ත සිල්වා 28, ශාලූක දීමන්ත 14/4, ළහිරු වික‍්‍රමසිංහ 40/4)

ද මැසනඞ් විදුහල පළමු ඉනිම  ඕවර 49.5 කදී සියලූ දෙනා දැවී 177
(ළහිරු වික‍්‍රමසිංහ 62, අශාන් පීරීස් 27, ශාලූක දීමන්ත 20, මාලිංග අමරසිංහ 44/5, ප‍්‍රමුත් හෙට්ටිවත්ත 40/4)

නාලන්ද විදුහල දෙවන ඉනිම  ඕවර 41.4 කදී සියලූ දෙනා දැවී 138
(සෙනුර අමරසිංහ 39, මාලිංග අමරසිංහ 21, ප‍්‍රමුත් හෙට්ටිවත්ත 20, ළහිරු වික‍්‍රමසිංහ  35/3, ශාලූක දීමන්ත 54/4, අකාශ් සේනාරත්න 16/2)

ද මැසනඞ් විදුහල දෙවන ඉනිම  ඕවර 19.4 කදී  කඩුලූ 6 ක් දැවී 86
(ඉෂාර පෙරේරා නොදැවී 27, මාලිංග ද සිල්වා 34/4)


අදහස් (0)

ද මැසනඞ් කඩුලූ 4 කින් නාලන්දාව පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.