Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket තෝරාගත් කී‍්‍රඩකයන් වෙනස් කිරීමට අදිසි හස්තයක්

තෝරාගත් කී‍්‍රඩකයන් වෙනස් කිරීමට අදිසි හස්තයක්

දිලිනි මල්රුක්ෂි - 2013 සැප් මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පී‍්‍රමා කුසලාන අන්තර් දිස්ත‍්‍රික් වයස අවුරුදු 15 න් පහළ කි‍්‍රකට් තරගාවලිය සඳහා ගාල්ල දිස්ති‍්‍රක්කය නියෝජනය කිරීමට ගාලූ දිස්ති‍්‍රක් කි‍්‍රකට් තේරීම් කමිටුව විසින් තෝරාගනු ලැබූ කී‍්‍රඩකයන් 20 දෙනකු ගෙන් යුත් සංචිතය වෙනස් කිරීමට කිසිවකු උත්සාහ කරන බව වාර්තා වේ.

පෞද්ගලික හැඳුනුම්කම් මත තවත් කී‍්‍රඩකයකු මෙම සංචිතයට එක් කිරීමට කිසිවකු තැත් කරන බවත් මෙම හේතුව නිසා ගාලූ දිස්ති‍්‍රක් කි‍්‍රකට් පුහුණුකරු ලසිත් චමින්ද මහතාට අදාළ සංචිතය ප‍්‍රකාශයට පත්කරගත නොහැකිව සිටින බවත් වාර්තාවේ.

මෙම අර්බුදය නිසා ගාලූ දිස්ති‍්‍රක් කි‍්‍රකට් තේරීම් කමිටුවට අයත් හැලඹගේ වසන්ත කුමාර, මහේෂ් සංජීව සහ සහන් විජේසිංහ යන මහත්වරුන් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වීමට සූදානම් බවද දැනගන්නට ඇත.

ගාලූ දිස්ති‍්‍රක් කි‍්‍රකට් තේරීම් කමිටු සාමාජිකයන්ගෙන් ඒ පිළිබඳව කළ විමසීමකදී එහි සාමාජිකයකු පවසා සිටියේ තමන් විසින් තෝරා ගන්නා ලද කණ්ඩායම වෙනස් කිරීමට  කිසිවකු උත්සාහ කරන බවත් මෙම සංචිතය තෝරා ගනු ලැබුවේ පුහුණු සැසි 6 කට සහ පුහුණු තරග 2 කට පසුව බවත්ය.

සංචිතයට අලූතින් එක්කිරීමට තැත් කරන කී‍්‍රඩකයා පැවැත්වූ පුහුණු සැසි 6 න් කිසිවකට සහභාගීවී නොමැති අතර පුහුණු තරග 2 ටද කී‍්‍රඩා කර නැති බවත් වාර්තාවේ.


අදහස් (0)

තෝරාගත් කී‍්‍රඩකයන් වෙනස් කිරීමට අදිසි හස්තයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.